spot_img

The Rig (2023) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Rig (2023) Sinhala Subtitle

The Rig Season 01 Sinhala Subtitle

 

මහ මුහුද මැද තියෙන තෙල් ලිඳවල් ගැන අහලා තියෙනවාද? මේවා ගැඹුරු මුහුදේ තෙල් තියෙන තැන් හොයාගෙන ගිහින් ඒ තැන් වල මූලික පරීක්ෂණ වලින් තෙල් තියෙන බවට තහවුරු කරගෙන, ඊටපස්සේ තාවකාලික ඉදිකිරීමක් විදියට හදන තැන්.

ගොඩාක් වෙලාවට, මේ පර්යන්ත කොටස් දෙකකින් යුක්ත වෙනවා. නිෂ්පාදන අංශය සහ පාලන අංශය. නිෂ්පාදන අංශයේ තමයි සියළුම තෙල් ලිඳ හා සම්බන්ධ ක්‍රියාවලි සිදුවන්නේ. තෙල් කැනීම් සහ කනින ලද තෙල් භාවිතයට ගැනීමට සූදානම් කිරීම ‍සිදුවෙන්නේ මේ කොටසේ. අනිත් පර්යන්තය, ඒ කියන්නේ පාලන අංශයේ තමයි සියළුම පරිපාලන කටයුතු සිදුකරන්නේ. ඒ වගේම, කාර්ය මණ්ඩලය ජීවත්වෙන්නේ, තමන්ගේ එදිනෙදා කටයුතු සිදුකරන්නේ මේ‍ කොටසේදී.

මේ වගේ ගොඩබිමෙන් දුරස්ථ තෙල් ලිඳවල් වල වැඩ කරන එක හරිම ආමාරු කාර්යයක්. වටපිටාවේ තියෙන්නේ මුහුද විතරයි. ගොඩබිමට යන්න ලැබෙන්නේ, මාස කීපයකට වරක්, සේවා මුර ක්‍රමයට. ඒ නිසා හරිම ආතතියකින් තමයි මේ හැමෝම ජීවත්වෙන්නේ. ඒ නිසා, කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියළුම දේ මේ පර්යන්ත වල තියෙනවා. ඒ වගේම, කාර්ය මණ්ඩලයට අනවශ්‍ය ආතතියක් ඇති‍නොවෙන විදියට සේවා මුර යෙදවීමකුත් සිද්ධ වෙනවා.

මේ කතාව ගැන කියන්න කලින්, මේ තෙල් ලිඳවල් ගැන විස්තරය කිව්වේ, මේ දේවල් අපේ රටට ආගන්තුක නිසා. අපේ ‍රටේ මේවා දකින්න ලැබෙන්නේ නෑනේ. මේ කතාව ගොඩනැගිලා තියෙන්නෙත්, ස්කොට්ලන්තය ආසන්න ගැඹුරු මුහුදේ තියෙන තෙල් ලිඳක් සම්බන්ධයෙන්. ඒ වගේම, අද්භූත දේවල් මේ වගේ ස්ථාන අවට සිදුවෙනවා කියන කතාව, මේ නිර්මාණයට පාදක කරගෙන තියෙනවා.

කොටස් හයකින් යුක්ත මේ පළවෙනි කතා මාලාව නරඹන්න මුලින්ම. ඊටපස්සේ, දෙවෙනි කතා මාලාවට අයත් වෙන, ඊළඟ කොටස් හයටත් උපසිරැසි අරගෙන එන්නම්. 2023 අවුරුද්දේ පළවෙනි කොටස නිකුත් කෙරුණ මේ රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයත් මේ වෙනකොටත් නිකුත් වෙලා තියෙන්නේ.

තව දෙයක්. මේ කතාව තනිකරම තෙල් ලිඳක් හා සම්බන්ධයි. ඒ කර්මාන්තයේ සිදුවෙන දේවල් තමයි මේ තියෙන්නේ. ඒ වගේම ඒ හා සම්බන්ධ කතාබහ, වචන තමයි වැඩිපුරම තියෙන්නේ. ඒවාට සිංහල වචන හොයාගන්න සහ අපිට තේරුම් යන විදියට, අපිට ගෝචර වචන හොයාගන්න ටිකක් අපහසු වුනා. ඒත් මම පුළුවන් විදියට ඒවා තේරුම් යන විදියට මේක ලියන්න උත්සාහ කලා. බලන ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ මේක කොච්චර සාර්ථකද කියලා. දෙවෙනි කතා මාලාවත් මේ විදියටම කරන්නේ ඔයාලාගේ අදහස් උදහස් මත.

එහෙනම්, හැමෝම, මේ සිංහල උපසිරැසි එක්ක, මේ රූපවාහිණී කතා මාලාව රසවිඳින්න. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති සියළුම වෙබ් පිටපත් හා සූම්ලින්ක් හබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ 
  • උපසිරැසි ගොනුවේද ටොරන්ට් ලින්ක් දක්වා ඇත
  • කතාවේ කොටස්  6 කටම අදාලා  උපසිරැසි පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩාක් ස්තුතියි සබ් එකට….දෙවෙනී කොටසටත් සබ් බලාපොරොත්තු වෙනව ස්තුතියි …

  2. ගොඩාක් ස්තුතියි සබ් එකට….දෙවෙනී කොටසටත් සබ් බලාපොරොත්තු වෙනව ස්තුතියි …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram