More

    The War With Grandpa (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The War with Grandpa (2020) කොරෝනා අවුරුද්දේ අග භාගයේදී නෝර්වේ වලදී ඒලි දැක්වුණු චිත්‍රපටියක්. කුඩා දරුවන් අරමුණු කරගෙන නිෂ්පාදනය වෙච්ච කතාවක් වුනත්, ලොකු පොඩි හැමෝටම මේක විනෝදයෙන් නරඹන්න පුළුවන්. ප්‍රහසන කතාවක් වගේම ආදර්ශමත් කතාවක් විදියටත් මේක හඳුන්වන්න මම කැමතියි. Ratings අතින් වැඩිය ලොකු තැනකට එන්න නොලැබීම අභාග්‍යයක්. මේ චිත්‍රපටිය මීට වඩා රසිකයන් අතරට යා යුතු එකක්. අද මේ ලිපිය ලියනවිට IMDB 5.6, ROttenTomatoes 29%, Google Users 73% ලබාගෙන තිබුණා.

    Tim Hill විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ තිර රචනය කලේ Robert Kimmel Smith. රඟපෑමෙන් දායක වුනා සුපිරි වයසක නළු Robert De Niro (එඩ්) සමඟින් Oakes Fegley (පීටර්), Uma Thurman (සැලී), Rob Riggle (ආතර්), Laura Marano (මීයා) ඇතුළු පිරිසක්. හැමෝම මේ චිත්‍රපටියට සාධාරණයක් ඉටුකලා කියන්න පුළුවන්.

    මේ චිත්‍රපටිය ගැන මට කිව්වේ මලීෂ ප්‍රවීන් වීරවර්ධන සහෝදරයා. මේ වගේ ලෝකෙන් හැංගිච්ච ලස්සන කතා හොයලා දෙනවාට, ගොඩාක් ස්තූතියි.

    කතාව කෙටියෙන් කිව්වොත්, පීටර් සහ එයාගේ සීයා (එඩ්) ගොඩාක් සමීපව ආදරෙන් ඉන්න දෙන්නෙක්. හැබැයි මේ හැමදේම වෙනස් වෙන්නේ එඩ් තමන්ගේ බිරිඳගේ වියෝවෙන් පස්සේ දුවගේ ගෙදරට පදිංචියට ආපුවාම. එතකොට පීටර්ට එයාගේ වටිනාම වස්තුව සීයාට පරිත්‍යාග කරන්න වෙනවා. කොච්චර අකමැති වුනත්, එයාට කරන්න දෙයක් තිබ්බේ නෑ. මේ නිසා එයා සීයා සමඟ යුද්ධ ප්‍රකාශ කරනවා. මේක සීතල යුද්ධයක්. මේ දෙදෙනා කොහොමද යුද්ධ කරන්නේ? කවුද යුද්ධයෙන් ජයග්‍රහනය කරන්නේ? පවුලේ අනිත් අයට මේ යුද්ධය බලපාන්නේ කොහොමද? මේවා දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා. මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The War With Grandpa.(2020) සිංහල උපසිරැසි” The.War.With.Grandpa.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2097 times – 920 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:

      Thunder Force (2021)
      The Dry (2020)
      Mission Possible (2021)

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram