මහල් නිවාසයක හැංගුණු අබිරහස: “They Will Kill You” 🎬🔪
ෆිල්ම් බලන්න ආස අයට, විශේෂයෙන්ම Action, Horror කියන ශානරේට
කලවම් වුණු කතාවලට කැමති අයට වෙනස්ම අත්දැකීමක් දෙන මරු ෆිල්ම් එකක් ගැන
තමයි මේ අරන් ආවේ. ටිකකට කලින් මාත් බලලා ඔයාලටත් අරන් ආවා.
කතාව පටන් ගන්නේ ඒෂියා කියන තරුණියගෙන්. හිරේ ඉඳලා නිදහස් වුණු ඇය, අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන අලුත් රස්සාවක් හොයාගන්නවා. ඒ තමයි නිව්යෝර්ක් නුවර තියෙන අවුරුදු 100ක් විතර පරණ, සමාජයේ ඉහළම ධනවතුන් ජීවත් වෙන “The Virgil” කියන සුඛෝපභෝගී මහල් නිවාසයේ සේවිකාවක් විදිහට වැඩ කරන එක.
මේ බිල්ඩිම පිටින් බලන්න ගොඩක් ලස්සන, සල්ලි කාරයෝ පිරිච්ච තැනක් වුණාට, මේක ඇතුළේ ලොකු අබිරහසක් හැංගිලා තියෙනවා. කලින් මෙහේ වැඩට ආපු අය අතුරුදහන් වෙලා තියෙනවා කියන එක ඒෂියා දන්නේ නැහැ. ඔහොම ඉද්දි එක දවසක් රෑ, මූණු වහගත්ත පිරිසක් ඇයව මරන්න කඩා පනිනවා.
හැබැයි මේ ආපු අය හිතපු නැති විදිහට කතාව කණපිට හැරෙනවා. සතුරන් හිතන්නේ ඒෂියා කියන්නේ නිකම්ම නිකන් බයගුලු සේවිකාවක් කියලා. ඒත් ඇය ලේසියෙන් මරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි, ඇය සටන් කරන්න උපන් හපනියක්! අනුන්ව දඩයම් කරන්න ආපු අයට, මේ සැරේ ඒෂියාගෙන් බේරිලා දුවන්නයි වෙන්නේ. එතැනින් එහාට මේ බිල්ඩිම ඇතුළේ සිද්ධ වෙන ලේ වැගිරෙන සටන තමයි ෆිල්ම් එක පුරාම දිවෙන්නේ.
ඇයි මේක බලන්න ඕනේ? මේක නිකම්ම බය හිතෙන හොරර් ෆිල්ම් එකක්ම නෙවෙයි. මේකෙ ලොකු Survival (ජීවිතය බේරගැනීමේ) සටනක් තියෙනවා. ඒ වගේම බිල්ඩිම ඇතුළේ තියෙන අඳුරු පරිසරය මේ කතාවට අමුතුම ගැම්මක් දෙනවා. විචාරකයෝ කියන විදිහට කතාව පුරාම ලොකු කුතුහලයක් වගේම, ඇක්ෂන් බලලා ෆට්ට විනෝදයක් ගන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා.
මේක අධ්යක්ෂණය කරන්නේ Kirill Sokolov. ප්රධාන චරිතය කරන Zazie Beetz ගේ රංගනයට ගොඩක් හොඳ ප්රතිචාර ලැබිලා තියෙනවා. ඒ වගේම හැරී පොටර් බලපු අයට අමතක වෙන්නේ නැති ‘ඩ්රැකෝ මෝල්ෆෝයි’ (Tom Felton) වගේම Heather Graham, Patricia Arquette වගේ ජනප්රිය නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙනවා.
තවත් විශේෂයක් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ජනප්රිය හොරර් ෆිල්ම් එකක් වෙන ‘IT’
නිර්මාණය කරපු Andy සහ Barbara Muschietti විසින් වීම.
ඉතින්, ඒෂියාට මේ සල්ලිකාරයන්ගේ මර උගුලෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
ඇයි එයාලා මෙහෙම මිනිස්සුන්ව මරන්නේ?
මේ බිල්ඩිම ඇතුළේ තියෙන ලොකු රහස මොකක්ද?
මේ ප්රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාට They Will Kill You ෆිල්ම් එක බලන්නම වෙනවා.
කාගෙන්වත් ස්පොයිල් කරගන්නේ නැතුව බලන්න, Action/Horror වලට කැමති අයට නම් මේක
අනිවාර්යයෙන්ම අල්ලලා යයි! 🍿🔥
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි අශේන් සහෝ උපසිරැසියට
Thanks