spot_img

Those Who Wish Me Dead (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Those Who Wish Me Dead (2021) ඇමරිකාවේ හොලිවුඩයේ නිෂ්පාදනය කෙරුණු අළුත්ම චිත්‍රපටියක්. හොඳ ත්‍රාසජනක කතා තේමාවක් අරගෙන නිපදවුනු මේ චිත්‍රපටියට ඇත්ත දර්ශණ පවා ඇතුලත් කරලා තියෙනවාලු. මොන්ටානා කැළයේ සිදුවෙච්ච ලොකු ලැව් ගින්නක දර්ශණ, මේ චිත්‍රපටියට අරගෙන තියෙනවාලු. හැබැයි රඟපාන අය මේක කරලා තියෙන්නේ ස්ටූඩියෝ එකක් ඇතුලේ. සම්පූර්ණයෙන්ම දෘෂ්‍ය ප්‍රයෝග. මේ නිර්මාණයට මේ වෙනකොට IMDB 6.0, Rotten Tomatoes 60%, Metacritic 58%, Google Users 73% වගේ මනාපය පලකරලා තියෙනවා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අධ්‍යක්ෂණයට ආධුනික, දක්ෂ නළුවෙක් වෙච්ච Taylor Sheridan. ඔහු තිර රචනය භාර දෙන්නෙත් ඒ වගේම ආධුනික දෙදෙනෙකුට, Michael Koryta සහ Charles Leavitt. හැබැයි රංගනය සඳහා තෝරාගන්නවා ප්‍රවීණ සහ අති දක්ෂ නිළියක්. ඒ Angelina Jolie. ඇයත් සමඟ රඟපෑමට තව ප්‍රසිද්ධ නළුවෙකුට ආරාධනා කරලා තිබ්බත්, මේ කතාව වැඩිපුරම දිවයන්නේ ප්‍රධාන නිළිය වටා නිසා, ඔහු ඒක ප්‍රතික්ෂේප කලාලු. අවසානයේ රංගනයෙන් දායක වෙනවා Finn Little (ළමා නළු කෝනර්), Jon Bernthal (ඊතන්), Aidan Gillen (ජැක්), Medina Senghore (ඇලිසන්) ඇතුළු පිරිසක්.

මම මේකේ දකින ලොකුම දුර්වලකම, ප්‍රචාරක කටයුතු. මොකද කියනවා නම්, මේකේ official trailer එක බැලුවාම, මුළු කතාවම වගේ තියෙනවා. ඉතිං, ඒක බලලා චිත්‍රපටිය නරඹන්න එන කෙනෙකුට, කුතුහලය අඩු තත්වයක් තියෙන්නේ. ඒ නිසා, මම යෝජනා කරනවා, trailer එක නොබලා චිත්‍රපටිය රසවිඳින්න කියලා. කතාව දිවයන්නේ පොඩි දරුවෙක් (කෝනර්) සහ ගිනි නිවන කාන්තාවක් (හැනා) වටා. කෝනර්ගේ පියාව ඝාතනය කරන්න උත්සාහ දරනවා, ඔහු හොයාගන්නා දේශපාලන රහස් කිහිපයක් නිසා. මේකෙන් බේරෙන්න එයා, පුතා සමඟ පිටව යන්නේ මොන්ටානා කැළැව පැත්තට. එහිදි ඇතිවන ගින්නක් සමඟ සටන් කිරීමටත් සිදුවෙනවා. ඔවුන්ගේ එකම අරමුණ, ඒ රහස් මාධ්‍යයට ලබාදීම. මේ කර්තව්‍ය සාර්ථක කරගන්න ලැබෙයිද? කෝනර් සහ තාත්තාට මොකද වෙන්නේ? ගින්න සමඟ සටන් කරන්නේ කෙසේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. උපසිරසියට ස්තුතියි සහෝ 🙏
    දිගටම අලුත් ඒවා දෙමු
    Army Of The Dead එකත් දෙමු

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram