spot_img

Uglies (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Uglies (2024) Sinhala Subtitle

 

අවුරුදු සිය ගානකට කලින්, මිනිස්සු පොසිල ඉන්ධන ඕනෑවටත් වැඩියෙන් භාවිතා කලා.
එයාලා පෘථිවියේ ස්වභාවික සම්පත් නාස්ති කලා,
ඒ නිසා පෘථිවිය ඉක්මනින්ම යුධ සහ කෝලාහල ඇති තැනක් වුනා.
හොඳම විද්‍යාඥයන් කිහිපදෙනෙක්ට කාර්යයක් පැවරුණා,
ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙලා තියෙන දේ බේරගන්න.
එයාලා විප්ලවකාරී දෙයක් හොයාගත්තා.
නැවත උත්පාදනය කලහැකි බලශක්ති ප්‍රභවයක්.
ඒත් මේකෙන් ලෝකයේ ලොකුම ප්‍රශ්නය විසඳුනේ නෑ.
මිනිස්සුන්ගේ ස්වභාවය.
මිනිස්සුන්ගේ වෙනස්කම් නිසා නිර්මාණය වුණු පන්ති, කල්ලි, රටවල් නිසා
එයාලා ළග තිබුණු මිනිසත්කම නැතිවුණා.
ඉතිං, එයාලා විප්ලවකාරී තීරණයක් අරගත්තා.
පරිණාමනය.
හැමෝම, තමන්ගේ 16 වෙනි උපන්දිනයේදී, ජීවිතය වෙනස්කරන සැත්කමක් කරගන්න ඕනේ
තමන් කැමති සර්වසම්පූර්ණ කෙනෙක් වෙන්න.
හැමෝම සර්වසම්පූර්ණ වුනාම, අර්බුධ නැතිවෙලා යනවා.
හැමෝම සෞඛ්‍යමත්, සතුටින් සහ ලස්සනයි.

මෙහෙම ලෝකයක් අනාගතයේ ඇති වුනොත් ඇත්තටම මොකද වෙන්නේ? ඒක‌ට උත්තරය තියෙන්නේ මම අද අරගෙන ආපු මේ චිත්‍රපටියේ. වෙනස් විදියේ කතාවක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. සමහර අය මේක සරල වාණිජ චිත්‍රපටියක් විදියට අර්ථ දක්වනවා. ඒත් මේක අමුතුම මාදිලියේ ලෝකයක් ගැන කරන ඉඟියක්. ඉදිරියටත් තව චිත්‍රපටි ගණනාවක් හදන්න පුළුවන් වෙන කතා මාලාවක ආරම්භයක්.

McG කියන අධ්‍යක්ෂකවරයා විසින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Scott Westerfeld විසින් රචනා කරපු Uglies කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටියේ කතාව නිර්මාණය වෙන්නේ. මේ නවකතා රචකයාම, මේ කතාවේ ඉදරිය නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ, නුදුරේදීම මේකේ තව කොටසක් අපිට බලන්න ලැබේවි. රඟපෑමෙන් දායක වෙනවා මම ඇත්තටම ආස කරන නිළියක්. Joey King (ටැලී), Brianne Tju (ශේ), Keith Powers (ඩේවිඩ්), Chase Stokes (පෙරිස්), Laverne Cox (දොස්තර කේබල්) ඇතුළු නළු නිළියන් පිරිසක්.

එක එක අය අන්තර්ජාලයේ මේ චිත්‍රපටිය ගැන විවිධ කතා කිව්වත්, විවේචන කොච්චර තිබ්බත්, නැරඹිය යුතු චිත්‍රපටියක් විදියට මම දකිනවා. විද්‍යාත්මක පසුබිම ඉතා අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම, අනාගතය වෙනස් විදියකින් දැකලා තියෙන්නේ, අපිට වර්ථමානයට පොඩි පණිවිඩයකුත් එකතු කරන ගමන්මයි.

එහෙනම්, හැමෝම, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram