spot_img

Veere Di Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ තමයි හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නේ… මේකේ කොපි ඇවිල්ලාත් දැන් ටික දවසක්. සමහරු බලලාත් ඇති සමහරු බලලා නැතුවත් ඇති… බලපු නොබලපු හැමෝටම තමයි මේක අරන් ආවේ… Shashanka Ghosh විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 ජුනි මාසයේ… කලින් ගොඩක් ජනප්‍රිය උන Khoobsurat චිත්‍ර‍පටියත් ඔහුගේම නිර්මාණයක්. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Kareena Kapoor,Sonam Kapoor,Swara Bhaskar හා Shikha Talsania රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් ඉස්කොලේ කාලේ ඉදන්ම ඉන්න යාළුවෝ සිව්දෙනෙක් වටා තමයි කතාව ගෙතෙන්නේ…. කතාව පටන් ගන්නේම මේ අයගේ පාසල් කාලයෙන්… පාසල් කාලයේ දර්ශනය තව ටිකක් තිබ්බා නම් හොදයි කියලා හිතුනා ඒකට හිටිය ළමයි ටික දැක්කාම   කොහොම හරි මේ යාළුවෝ හතර දෙනාගේ කණ්ඩායමට එයාලා දාගෙන ඉන්න නම තමයි ”විරේ” කියන්නේ… මේ යාළුවෝ හතර දෙනාගෙන් කෙනෙක් තමයි කාලන්දි කියන්නේ…ඇය පොඩි කාලේදිම හිතාගන්න ජිවිතේට කවදාවත් කසාද බදින්නේ නම් නැහැ කියලා. ඒකට හේතුවක් තියනවා මොකද ගෙදර හැමදාම ඇයට දකින්න ලැබෙන්නේ අම්මායි තාත්තායි රණ්ඩුවෙන එක.. නමුත් කොහොම හරි පාසල් කාලය ගෙවිලා අවුරුදු දහායක් ගිය තැන මේ කට්ටියගේ අනික් යාළුවෝ තුන්දෙනාට පුදුම හිතෙන ආරංචියක් ලැබෙනවා. ඒ තමයි සැහෙන කාලේකට පස්සේ අවසානයේදි කාලන්දි කසාද බදින්න යනවා කියන එක. ඉතින් තැන් තැන් වල හිටපු යාළුවෝ හතර දෙනා මේ කසාදය නිසා ආපහු එකතු වෙනවා… ඉතින් මේ අයගේ නාඩගම් තමයි චිත්‍ර‍පටිය පුරාවට තියෙන්නේ…. මේ චිත්‍ර‍පටිය නිකුත් උන දවසේ ඉදන්ම එක එක කතන්දර චිත්‍ර‍පටියට හැදුනා. ඒක නිසා IMDB රේටින් නම් ගොඩක් අඩුයි. නමුත් චිත්‍ර‍පටිය නම් කෝටි 100 පන්නලා කෝටි 138ක බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තිබ්බා. එහෙනම් මේ යාළුවෝ හතර දෙනාගේ කතාව රසවිදින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram