spot_img
spot_img

Venom The Last Dance (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Venom The Last Dance (2024) Sinhala Subtitle

 

ඔන්න එහෙනන් ගොඩක් දෙනෙක් එනකන් මඟ බලාගෙන ඉන්න චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ ඒ තමයි Venom චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Venom The Last Dance

මේකෙ පලවෙනි චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2018 දී ඊටපස්සෙ දෙවෙනි චිත්‍රපටය නිකුත් උනා 2021 දී ඔක්කොටම පස්සෙ කොහොමහරි ඔන්න තුන්වෙනි චිත්‍රපටයත් ගිය සතියෙ නිකුත් උනා චිත්‍රපට තුනටම ඉඳියෙ වෙනස් අධ්‍යක්ෂක්වරුන් ඉතින් මෙ අලුත්ම වේනොම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ කාන්තා අධ්‍යක්ෂණවරියක් වන Kelly Marcel මේ චිත්‍රපටය සඳහා ඇ.ඩො.මි.120ක පිරිවැයක් ගිහින් තියෙනවා තවමත් චිත්‍රපටය නිකුත් වෙලා සතියක වගේ කාලයක් නිසා ආදායම් ගැන එලියට ඇවිත් නෑ ….

මීට කලින් නිකුත් උනු චිත්‍රපට දෙකම Box ඔෆිස් වාර්තා තියන්න සමත් උනා අපි හිතමු මේ පාරත් එහෙම වෙයි කියලා මේක මේ වෙද්දි IMDB දර්ශකයෙ 6.2ක අගයක් වගේම 38%ක කුණු තක්කාලි අගයකුත් 80%ක ගූගල් මනාප ප්‍රමාණයකුත් අරගෙන තියෙනවා ඉතින් මේ වගේ චිත්‍රපටයක් ආපු ගමන් උපසිරැසි නොකර ඉන්නේ කොහොමද කට්ටිය සර්ප්‍රයිස් වෙන්නැති……!

ඉතින් කතාව ගැන කිව්වොත්……!

එඩී කව්ද වෙනොම් කව්ද කියලා කලින් චිත්‍රපට බලපු අය දන්නවනෙ කලින් චිත්‍රපට දෙක නොබලා මේක බලන්න බැහැ ….

සිම්බියට්ලා ( වේනොම්ලගෙ වර්ගය ) නිර්මාණය කරපු කෙනාව එයාලගෙ ලෝකෙ ක්ලින්ටර් වල හිරකරලා තමයි සිම්බියට්ලා උල්කාවකින් පෘථිවියට එන්නෙ ඉතින් මෙහෙම මෙයාලා පැනල එන්නේ ආරක්ෂිත තැනක් හොයාගෙන මෙයාලගෙ නායකයට ඕනෙ වෙනවා ඒකෙන් නිදහස් වෙලා හැම ලෝකයක්ම විනාශ කරන්න එයාගෙ නිදහසට යතුරක් ඕනේ ඒ තමයි කොඩෙක්ස් එක……..

මොකක්ද මේ කොඩෙක්ස් එක ?

ඔයාලට මතකද Venom 2018 චිත්‍රපටයේදී වේනොම් එක්ක ෆයිට් කරපු සිම්බියට් එඩීගෙ පපුවට ඇනලා එඩීව මරනවා ඉතින් ඊටපස්සෙ ආපහු වෙනෝම් එඩීගෙ ඇඟට රිංගලා එඩීට පණ දෙනවනේ….
අන්න එතනදි කොඩෙක්ස් එකක් නිර්මාණය වෙන්නෙ මේ දෙන්නා ජීවතුන් අතර ඉන්නකන් කොඩෙක්ස් එක තියෙනවා එක්කෙනෙක් හරි මැරුනොත් කොඩෙක්ස් එක නෑ ඉතින් මේක යතුරක් ක්ලින්ටර් වලින් අර සිම්බියට්ලව නිර්මාණය කරපු කෙනාට නිදහස් වෙන්න පුලුවන් …ඉතින් එයා මේ කොඩෙක්ස් එක හොයන්න විශ්වය පුරාම එයා නිර්මාණය කරපු Xenophage ඒලියන්ස්ලව එවනවා.. ඔය අතර එඩී වේනොම් සතුටින් එකට ඉන්නවා….

එතනින් එහාටනම් මුකුත් කියන්න යන්නෙ නෑ ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ එහෙනන් ඔයාලම බලන්නකෝ ගොඩාක් දුරට මේකෙ හතරවෙනි කොටසකුත් නිකුත් වෙයි ඉස්සරහ්ට…

එහෙනන් ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්…!
අසාලිවීමක් නිසා අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ලනවා…!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS හි පිටපත් සදහා ගැලපේ

 

Download “Venom The Last Dance (2024) සිංහල උපසිරැසි” Venom.The.Last.Dance.(2024).Sinhala.Subtitles.rar – Downloaded 7238 times – 680 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram