spot_img

Woh Lamhe (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍ර‍පටිය කලින් වෙබ් අඩවියේ පල උනා කියලා අපේ පරණ අයට නම් මතක ඇති. හැබැයි ඒ කාලේ දුන්නේ DDR කියලා ආව මෙගාබයිට් 450ක ඩිවිඩි රිප් එකකට. 2011 අවුරුද්දේ නම් ඔය ජාතියේ කොපියකින් ෆිල්ම් එකක් බලන එක මහා දෙයක් නෙමෙයි නේ. අනික ඒ කොලිටියත් අපිට ඔය කාලේ මහාමෙරක් වගේ.. කොහොම හරි ඉතින් පරණ ෆිල්ම් ආපහු රික්වෙස්ට් කරන නිසා මේකේ හොද 720p වෙබ් කොපියක් ලැබුනා. ඒකට ඉංග්‍රිසි සබක් නම් තිබ්බේ නැහැ. ඒ නිසා හැමදාම වගේ ලහිරු උදයංඟ උදව්වට ඇවිල්ලා සම්පුර්ණ සබ් එකම හරි ගානට හදලා දුන්නා … හරි එහෙනම් ඒ විස්තර ඇති.. එහෙනම් මං ඒ කාලේ මං පල කරපු ලිපිය පහලින් තියනවා.. නොබලපු අය එහෙන්ම අරන් බලන්න. ආ පොඩි ළමයි ලග තියාගෙන ෆිලුම බලන්න එපා හොදේ…

මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Kangana Ranaut,Shiney Ahuja හා Shaad Randhawa රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියට පාධක වෙලා තියෙන්නේ හින්දි සිනමාවේ සැබැ නිලියෙකුගේ කතාවක්. 1970 දශකයේ ජනප්‍රියතාවයේ හිනිපෙත්තටම නැගුනු Parveen Babi ගේ චරිතය ඇසුරින් තමයි මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ. ඒ වගේම අමුතුවෙන්ම චිත්‍ර‍පටියේ සිංදු ගැන කියන්න උවමනා නැහැනේ. Kya Mujhe Pyar Hai සිංදුව අහලා නැති කෙනෙක් නම් ඉන්න බැහැ. ඒ සිංදුව තියෙන්නෙත් මේ ෆිල්ම් එකේම තමයි.

චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් සනා අසීම් කියන්නේ ජනප්‍රිය චිත්‍ර‍පටි නිලියක්. ඇයට මේ තැනට එන්න උදව් කරන්නේ නිකිල්. ඔහු අැයට මේ උදව්ව කලත් ඇය හම්බකරන හැම සතයක්ම වගේ පාවිච්චියට ගන්නේ ඒ වගේම ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නිකිල්ම තමයි. සනා අසිම් කොච්චර ජනප්‍රිය කෙනෙක් උනත් ඇයට මේ දේවල් වලට එරේහිව යන්න නම් හයියක් නැහැ.ඇය කරන්නේ මේ වගේ දේවල් ඉවසගෙන ජිවත්වෙන එක. මේ කාලය අතරතුර තමයි නවක චිත්‍ර‍පටි අධ්‍යක්ෂකයෙක් වන අදිත්‍ය විසින් සනා අසිම්ට චෝදනාවක් කරලා පුවත් පතක සම්මුඛ සාකච්චාවක් දෙන්නේ.මේ සම්මුඛ සාකච්චාව දැකපු සනාට ගොඩක් කෙන්තියනවා. දිනක් පාටි එකකදි මේ දෙන්නා මුණට මුණ හම්බුනාම ලොකු ගැටුමකුත් යනවා. නමුත් පොඩි සිදුවිමක් නිසා නැවතත් සනා අසීම් යනවා මේ අධ්‍යක්ෂකයාව මුණ ගැහෙන්න. කතාව එතැනින් තමයි පටන්ගන්නේ. ආදර කතාවක් නිසා මං වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. එහෙනම් අරන් බලන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. තෑන්ක්ස් සබ් එකට සහෝ පුළුවන් නම් පූජා උමාශංකර් ප්‍රොස්ටිටියුට් චරිතයක් රඟපාන Vidiyum Munn (2013) ෆිල්ම් එකට සබ් කරන්න… මට මතකයි වගේ ඔයාලගෙ කලින් සයිට් එකේ ඒ ෆිල්ම් එකට සබ් තිබ්බදත්ද කොහෙද

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram