spot_img

1920 Horrors of the Heart (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

1920 Horrors of the Heart (2023) Sinhala Subtitle

 

1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට කලින් කතා හා කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්‍රපටි මාලාවේම සිද්ධ වෙන්නේ 1920 වසරේ සිදුවන සිදුවිම් ගැන කතාවක්.. Krishna Bhatt විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ Avika Gor,Rahul Dev හා Barkha Bisht රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේ චිත්‍රපටියේ පොඩි අවුලකට කියලා තියෙන්නේ චිත්‍රපටියේ ඇනිමේෂන් තමයි. මේ අවුල මැත කාලයේ ආව ගොඩක් චිත්‍රපටිවල මං දැක්කා.. හැබැයි ඒ ඇනිමේෂන් වලත් ඉතින් ලොකු අවුලක් නැහැ චිත්‍රපටිය රසවිදින්න පුලුවන්. කතාව ගැන කිව්වොත් එහෙම මේඝනා කියන්නේ තාත්තා එක්ක ජිවත්වෙන ගැණු ළමයෙක්. ඇයගේ අම්මා දාලා ගිහින්. කොහොම හරි මේඝනාගේ උපන්දිනේ දවසේම තාත්තා සියදිවි නසාගෙන මිය යනවා. මේඝනා ගොඩක් අවුලෙන් ඉන්නේ මේ සිදුවිම නිසා. තාත්තා ඇයි මේ සියදිවි නසාගත්තේ කියලා හොයලා බැලුවාම මේඝනාට තාත්තාගේ දිනපොතක් ලැබෙනවා. මේකේ ලියලා තියනවා ඇයි තාත්තා සියදිවි නසාගත්තේ වගේම මේඝනාගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් අම්මාගෙන් පලිගන්න කියලා හිතාගෙන මේඝනා තාත්තාගේ ආත්මයෙන් උදව් ඉල්ලනවා. යක්ෂයෙක්ගෙන් උදව් ගත්තාම ඒකට ප්‍රතිගෙවිම් මොන වගේ වෙන්න පුලුවන්ද කියලා දන්නවානේ. ඉතින් මේඝනාගේ පලිය සාර්ථක කරගන්න පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram