spot_img

My Little Pony A New Generation (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

My Little Pony: A New Generation (2021) කියන්නේ මේ අවුරුද්දේ ආපු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක, රූපවාහිණි කතා මාලාවක, වීඩියෝ සෙල්ලම් මාලාවක තවත් එක් දිගහැරුමක්. හරියටම කියනවා නම්, මේ My Little Pony චරිත වල පස්වෙනි චිත්‍රපටි දිගහැරුම. හැබැයි, මේක කලින් ඒවාත් එක්ක ලොකු සම්බන්ධයක් නෑ. ඒ නිසා කලින් ඒවා නොබැලුවා කියලා, රස වින්දනයට කිසිම බාධාවක් නෑ. Ratings වලත් කිසිම අඩුපාඩුවක් නෑ. මේ ලිපිය ලියනකොට, IMDB 6.9, Common Sense Media 4, RottenTomatoes 90%, Google Users 83% ප්‍රමාණයක් අරගෙන තියෙනවා.

ඇනිමේෂන් චිත්‍රපටියක් ලස්සන වෙන්න නම්, අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි, සංගීතයත් ලස්සන වෙන්න ඕනේ. මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න මේ දෙකම හොඳටම බලපෑවා. චිත්‍රපටි අධ්‍යක්ෂණය Robert Cullen, José Luis Ucha සහ Mark Fattibene තුන්දෙනාගේ එකතුවෙන් සිදුවුනා. ඒ ව‍ගේම ලස්සන සංගීතයක් චිත්‍රපටියට මුසු කරලා තියෙන්නේ Heitor Pereira, Alan Schmuckler සහ Michael Mahler තුන්කට්ටුවෙන්. කටහඬින් දායකත්වය දීලා තියෙන්නේ Vanessa Hudgens (සනී), Kimiko Glenn (ඉසී), James Marsden (හිච්), Sofia Carson (පිප්) ඇතුළු තව බොහෝදෙනෙක්…

කතාව ගැන කෙටියෙන් කියන්නම්. ඉක්වෙස්ට්‍රියා කියන්නේ පෝනියෝ ජීවත් වෙන ලෝකයක්. පෘථිවියක්. මේකේ පෝනි වර්ග තුනක් ඉන්නවා, පෘථිවි පෝනියෝ, යුනිකෝන් සහ පෙගසායි. සනී කියන්නේ වෙනස් අදහස් තියෙන පෘථිවි පෝනියෙක්. පෘථිවි පෝනියෝ විශ්වාස කරන විදියට, අනිත් පෝනි දෙවර්ගයම එයාලාගේ සතුරෝ. ඒ නිසා, එයාලාව හමුවෙන්වත් බෑ. නමුත්, සනී සහ ඇය‍ගේ තාත්තා විශ්වාස කරන්නේ, සියළුම පෝනි වර්ග එකතු වෙලා සාමයෙන් මිත්‍රත්වයෙන් ජීවත් විය යුතු බවයි. එක දවසක්, පෘථිවි පෝනියෝ ජීවත්වෙන පැත්තට යුනිකෝන් කෙනෙක් පැමිණෙනවා. පෘථිවි පෝනියෝ මොකක් කරයිද? සතුරන්ට විරුද්ධව ගෙනියන සටන කොයිවගේද? සනීගේ අදහස් වලට ලැබෙන තැන කොයි වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram