spot_img

Runway 34 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් හින්දි චිත්‍ර‍පටියක් තමයි මේ විදියට අරන් එන්නේ. මේක නම් ඇවිත් ටික දවසක් වෙනවා.. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අරන් බලන්න වටින චිත්‍ර‍පටියක් කියලා කියන්නම ඕනි.. මේකේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ වගේම අධ්‍යක්ෂණය කරන්නේ Ajay Devgn විසින්.. මිට අමතරව Amitabh Bachchan,Rakul Preet Singh, Aakanksha Singh හා Boman Irani සෙසු චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටිය ගැන කියන්න කලින් ඔබ හොලිවුඩ් ෆිල්ම් රසිකයෙක් නම් මේක දැක්කාම මේ හා සමාන විදියේ ෆිලින් එකක් තිබ්බ චිත්‍ර‍පටියක් ගැන ඔබ දන්නවා ඇති. Sully 2016 චිත්‍ර‍පටිය. නමුත් ඒ චිත්‍ර‍පටියට හා මේ චිත්‍ර‍පටියට කිසිම සමාන කමක් නැහැ. මමත් මුලින් හිතුවේ ට්‍රේලර් එක බැලුවාම ඒ චිත්‍ර‍පටියේ ප්‍ර‍තිනිර්මාණයක් කියලා. එත් ඒකට මේක කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් බය නැතුව මේක අරන් බලන්න පුලුවන්…

මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කැප්ටන් වික්‍රාන්ත් කියන්නේ දක්ෂ ගුවන් නියමුවෙක් මෙයාලා එයාලාගේ ගුවන් යානාව ඩුබායි ඉදන් කෝචින් දක්වා පියාසර කරගෙන එනවා. නමුත් කොචින් වලට එද්දි තමයි දැනගන්නේ අහපත් කාලගුණයක් එහි තියන නිසා ගොඩ බාන්න බැහැ කියලා. මේකට උප ගුවන් නියමුවා යෝජනා කරන්නේ බැංගලොර් වලට ගොඩ බස්සමු කියලා. නමුත් ප්‍ර‍ධාන ගුවන් නියමුවා කියනවා බැංගලොර් යන්න බැහැ අපි මේ යානාව ත්‍රිවේන්ද්‍ර‍ම් වලින් ගොඩ බස්සමු කියලා. කොහොම හරි මේ අය ත්‍රිවෙන්ද්‍ර‍ම් වලට යද්දි මටත් වඩා කාලගුණය බායානක වෙලා. දැන් යානාවේ තෙල් මට්ටමත් අඩුයි නැවත බැංගලොර් වෙතට යන්න. මේ තියන විදියට ත්‍රිවේන්ද්‍ර‍ම් වලට ගොඩ බස්සන්නත් බැහැ… දැන් කුමක් වේවිද? ඇයි කොච්න් වෙතින් මේ අයට ත්‍රිවෙන්ද්‍ර‍ම් වලට යන්න එපා එහේ කාලගුණයත් අහපත් කියලා දැන්වුයේ නැත්තේ.. නැත්නම් ඔවුන් දන්වලාත් මේ ප්‍ර‍ධාන නියමුවා තනි මතයට තිරණයක් ගත්තාද? මේ හැමදේම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්…

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. ඉතින් අපිට දැන්විම් ලබා දෙන්න පුලුවන් අය ඉන්නවා නම් එහෙම හරි.. නැත්නම් මාසේට අඩුම අපිට $50 – 60 ප්‍ර‍මාණයක් එකතු කරන්න සහායක් ලබා දෙන්න පුලුවන් අය ඉන්නවා නම් අපිට whatsapp කරන්න හෝ [email protected] ඊමේල් ලිපිනයට දන්වන්න.) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. මේජර් 2022 ෆිල්ම් එකට සබ් ඕන. දවස් දෙකක් වෙනවා HD රිලීස් වෙලා

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram