spot_img

Bramayugam (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bramayugam (2024) Sinhala Subtitle

 

2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. මම්මුට්ටිට අමතරව අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත්, අමල්දා ලීස්, මණිකන්ඩ රාජන් යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව හත් වන ශත වර්ෂයේ මලබාර් ප්‍රදේශයට ආශ්‍රිතව දිව යනවා. එය වර්තමාන කේරළ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්. අතීතයේ පානන් යනුවෙන් හැඳින් වූයේ මංගල්‍ය වල ගීත ගායනා කරන පුද්ගලයන්ටය. යටත් විජිත සමයේ දී, සුද්දන් මේ අඩු කුළයේ මිනිස්සුන්ව තමාගේ යුධ බලය වැඩිකර ගැනීමට ඔවුන්ගේ භාරයට රැගෙන තිබෙනවා. අපේ කතාවේ මේ ඉන්න පානන් එලෙස ඔවුන්ගෙන් පැනගත් අඩු කුළයේ තැනැත්තෙක්. ඒ පැන ගන්නේ ඔහුගේ තවත් මිතුරෙකු සමගයි. කැලේ හැංඟී සිටින විට නොහිතපු ලෙස එතෙර වූ ගඟෙන් එගොඩ වීමට නොහැකි තරමට වහිනවා. පසුව ඔහු සහ මිතුරා තීරණය කරනවා රැය කැලේ ගත කරලා උදෑසනම පිටත් වෙන්න. ඒත් ඔවුන්ට කැලෙන් භංයාකාර ශබ්ද ඇසෙන්නට පටන් ගන්නවා. එවිට කැලේ අරක් ගත් යක්ෂණි පානන්ගේ මිතුරාව මරා දමනවා. මෙයින් භීතියට පත් වූ පානන් කැලේ එහෙ මෙහෙ අත දුව යනකොට තමයි වලව්වක් ළඟ නතර වෙන්නේ. වලව්වේ අයිතිකරු තමයි අපේ කතාවේ නායකයා වන මම්මුට්ටි. පානන්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා වලව්වේ නතර වෙන්න කියලා කොඩුලොන් පොට්ටි [මම්මුට්ටි] කියනවා. ටික දවසක් යද්දී පානන්ට තේරෙනවා මේක එසේ මෙසේ වලව්වක් නොවන බව කොඩුලොන් පොට්ටිගේ චේතනවාද වෙනස් දෙයක් බව.

තවත් කතාව නොකියා ඔබට නරඹන්න ආරධනා කරනවා!

මෙහි බොහෝ අමාරු බස් වහරක් තිබුණ නිසා අඩුපාඩු හදලා දෙන්න අශේන් අයියා සහ ලහිරු අයියා මට උදව් කරා. ඒ දෙන්නටත් ස්තූති කරනවා!

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! බුදු සරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    බලන්නම හිටපු එකක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram