spot_img

Leave the World Behind (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Leave the World Behind (2023) Sinhala Subtitle

ඇමන්ඩා සහ ක්ලේ තමන්ගේ පුතා සහ දුව එක්ක නිවාඩුවක් ගත කරන්න, හදිස්සියේ අරගත්ත තීරණයත් එක්ක, ටිකක් දුර බැහැර, තනිවෙච්ච නිවසක් හොයාගෙන යනවා. මුහුදු වෙරළ ආසන්නයේ තියෙන මේ නිවසට යන්න තියෙන්නේ එක පාරයි. හැමදේම හොඳින් සතුටෙන් සිද්ධවෙනවා. හැබැයි, මේ හැමදේම වෙනස් වෙන්න ගත්තේ, මුහුදු වෙරලේ පවුලම සතුටෙන් ඉන්න වෙලාවක, ලොකු තෙල් නැවක් මුහුදු වෙරළට ආපු එකෙන්. මේක ලොකු තෙල් නැවක්. මෙහෙම එකක් මුහුදු වෙරළට කඩාගෙන ආවේ කොහොමද?

මෙතනින් පස්සේ සිදුවෙන්නේ, කවුරුවත් බලාපොරොත්තු නොවුනු සිදුවීම්. සියළුම සේවාවන් බිඳවැටෙනවා. දුරකතන, ගමනාගමන, සන්නිවේදන, රූපවාහිණී ඇතුළු සියළුම දේ. මෙහෙම වුනාම, මොකද කරන්නේ? අපේ පොඩි පවුලට මොකක්ද වෙන්න යන්නේ? මේවායෙන් බේරෙන්නේ කොහොමද? ඔන්න චිත්‍රපටිය නරඹන්න හේතු.

Sam Esmail විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ Leave the World Behind (2023). ඇමරිකානු ජාතික නවකතාකරුවෙක් වෙන Rumaan Alam විසින් රචනා කරපු Leave the World Behind නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. Netflix ආයතනය තමයි මේකත් ලොව පුරා බෙදාහැරීමේ වගකීම අරගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, අපි හැමෝම දන්න Julia Roberts (ඇමන්ඩා), Mahershala Ali (G.H.), Ethan Hawke (ක්ලේ), Farrah Mackenzie (රෝස්), Myha’la (රූත්) ඇතුළු පිරිසක්.

චිත්‍රපටියේ එන මේ කතාව ජීවිතයටත් හරිම වැදගත්….

මේ කතාව මිනිහෙක් ගැන, ගඟ අයිනේ ජීවත් වෙච්ච.
එයාට රේඩියෝවෙන් ඇහෙනවා ගඟ පිටාර ගලලා, නගරය යට වෙනවා,
ඒ නිසා හැමෝම ඉවත්වෙන්න කියලා.
ඒත් මිනිහා කොහේවත් ගියේ නෑ, මොකද එයා හැමදාම යාඥා කලා.
එයා දන්නවා දෙවියෝ එයාට ආදරෙයි, එයාව බේරගන්නවා කියලා.
ඒත් ගඟ ඇත්තටම පිටාර ගැලුවා.
පාරුවකින් ආපු මිනිහෙක්, අපේ කෙනාව දැක්කා,
කිව්වා, “හේයි, එන්න. මම ඔයාව බේරගන්නම්”.
ඒත් මිනිහා එයාට කිව්වා, එයා කොහේවත් යන්නේ නෑ.
ඊටපස්සේ හෙලිකොප්ටරයක් එතනින් ආවා, ගුවන් නියමුවා ඉණිමඟක් පහලට දැම්මා,
ඒත් මිනිහා එයාට කිව්වා, එයා කොහේවත් යන්නේ නෑ කියලා.
ඊටපස්සේ, මිනිහා ගංවතුරට ගිලුණා.
එයා ‍දිව්‍යලෝකෙට ගියා, එයා ඇත්තටම දෙවියෝ එක්ක තරහෙන් හිටියේ.
එයා දෙවියන්ට කිව්වා, “මම හැමදාම යාඥා කලා.”
“මම හිතුවා ඔයා මට ආදරෙයි කියලා. ඇයි මාව ‍බේරගත්තේ නැත්තේ?”
එතකොට දෙවියෝ කිව්වා,
“මම එව්වා ඔයාට රේඩියෝ වාර්තාවක්,
හබල් බෝට්ටුවක්, හෙලිකොප්ටරයක්.
‍තව මොනවාද ඔයාට ඕනේ?”

චිත්‍රපටිය බලද්දී, අවධානය යොමු කරන්න හොඳ දෙයක් කියන්නම්. අපේ පවුල නවතින ගෙදර, උඩ තට්ටුවේ ඇඳ පිටිපස්සේ තියෙන චිත්‍රය. ඒකේ තියෙන මුහුදු රැල්ල දිහා බලන්නකෝ. ඒ වගේම, පහල තට්ටුවේ තියෙන කළු සුදු ඡායාරූපයත් ඒ වගේමයි. වෙනස දැක්කානම්, අපිට කියන්නකෝ…

එහෙනම්, හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න ආරාධනා!! පුළුවන් අය, මේ උපසිරැසිය ගැන හොඳ නරක, වැරදි අඩුපාඩු, ගල් මල්, අදහස් යෝජනා අපිට කියන්න. එහෙනම්, ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram