spot_img

Kottukkaali (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kottukkaali (2024) Sinhala Subtitle

 

අලුතින් ආව තවත් දමිළ චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක ටිකක් සම්භාව්‍ය ගණයට වැටෙන චිත්‍රපටියක්. කාන්තාවක් නුතන සමාජෙත් සමහර ගම්මාන ඇතුලේ පිරිමියන්ට යටත් වෙලා ඔවුන් කියන කරන විදියට ඉන්නයි.. කුල මල බේද නිසා තමන්ගේ හිතේ නිදහසේ ජිවත් වෙන්න නොවි ජිවත් උනත් මළමිනියක් ගානට ජිවත් වෙන්න සිදුවුන එක ගැනයි කතා කරන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පුරාවටම කුකුලෙක් පෙන්වනවා. ඌත්ගෙන් තමයි මේ චිත්‍රපටියේ කාන්තාවන් කොච්චර දුක් විදිනවාද කියලා ව්‍යාංගර්ථයෙන් පෙන්වන්නේ..මෙහි ප්‍රධාන චරිත ලෙස සූරි වගේම ඇනා බෙන් රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියේ සියළුම සිදුවිම් එක දිනක් තුල උදේ ඉදන් දවල් වෙනකම් වෙන සිදුවිම් පෙලක්..

කතාව ගැන කිව්වොත් මීනා කියන්නේ ගමක ජිවත් වෙන උගත් ගැණු ළමයෙක්. කොලෙජ් එක කාලේ ඇයට පෙම්වතෙක් සිටියාත් ඔහුගේ කුලයේ ප්‍රශ්න වගේම ගෙදරින් පොඩි කාලේ ඇයට තමන්ගේ මස්සිනාව කසාද බන්දන්න තිරණය කරපු නිසා ඇයට ඒ ආදර සම්බන්ධය අතහරින්න සිද්දවෙනවා. ඒක ඇය කරලා තියෙන්නේ සිතේ කැමැත්තෙන් නෙමෙයි. මේ නිසාම ඇය කිසිවක් කතා නොකර හොල්මනක් දැක්කා වගේ ඉන්නේ. ගෙදර අය සිතන්නේ ඇයට මොකක් හරි අර කොල්ලා ඉනාවක් කවලා ඒ නිසා මෙහෙම ඉන්නවා කියලා. ඇයව බදින්න ඉන්න කෙනා තමයි පාන්ඩි කියන්නේ. මොහුට පොඩ්ඩ ඇත්තන් තරහා යනවා. පාන්ඩිගේ පවුලේ නංගිලා අක්කලා හිතනවා ඇයව පුජකයෙකුට පෙන්නලා මේ ඉනාව අයින් කලොත් තමන්ගේ සහෝදරයා එක්ක ඇය හොදින් ජිවත් වේවි කියලා. මේ නිසා මේ ගැණු ළමයාගේ අම්මා තාත්තා වගේම පාණ්ඩිගේ පවුලේ හැමෝමත් මේ පුජකයා හම්බවෙන්න යන ගමන තමයි චිත්‍රපටියේ තියෙන්නේ. මේක හැමෝටම සෙට් වෙන එකක් නැති වෙයි. හැබැයි අරන් බැලුවාට නම් පාඩුවක් නැහැ. එහෙනම් ගිහින් එන්නම් තව චිත්‍රපටියකින් හමුවෙමු

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි ලක්ෂාන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram