Razor (2026) Sinhala Subtitle
සිනමා රසිකයෙක් විදිහට මම නිතරම කැමතියි One-Person Army (එක් පුද්ගල හමුදාවක්) කියන සංකල්පය ගැබ්වුණු ක්‍රියාදාම චිත්‍රපට නරඹන්න. ජෝන් වික් වගේ චිත්‍රපට වලින් අපි දැක්ක ඒ ලක්ෂණ, දකුණු ඉන්දීය සිනමාවට ගැලපෙන විදිහට, හැඟීම්බර කතාවක් එක්ක නිර්මාණය වුණාම ඒක ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් දෙනවා. Ravi Babu ගේ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රධාන රංගනයෙන් හැඩවුණු Razor (2026) කියන්නෙත් අන්න ඒ වගේම ත්‍රාසය, කුතුහලය සහ ක්‍රියාදාම පිරුණු විශිෂ්ට සිනමාපටයක්.
මේක බලයට තියෙන කෑදරකම නිසා කනකරාජු (Kanakaraju) කියන හෝම් මිනිස්ටර්, චීෆ් මිනිස්ටර්ව ඝාතනය කරනවා. හැබැයි මේක නොදැනුවත්වම CCTV බිස්නස් එකක් කරන සාමාන්‍ය මනුස්සයෙක්ගේ කැමරාවක රෙකෝඩ් වෙනවා. ඒ නිසා එයාගේ මුළු පවුලම ලොකු අනතුරකට වැටෙනවා… මේකෙන් බේරෙන්නේ එයාගේ පොඩි දුව විතරයි. ඊට පස්සේ මේ අහිංසක දුවගේ ආරක්ෂාව භාරගන්නේ සාමාන්‍ය විදිහට බල්ලන්ව බලාගන්න රස්සාවක් (dog groomer) කරන රුද්‍රා (Rudra). ඊට පස්සේ මේ බලවත් හතුරන්ගෙන් බේරෙන්න මේ දෙන්නා කොහොමද කියලා තවත් කියන්නේ නෑ.
ඉතින් IMDb දර්ශකයේ 5.9/10 ක සාමාන්‍ය අගයක් ලැබී තිබුණත්, මේ චිත්‍රපටය Action ලෝලීන්ට කිසිම කම්මැලිකමක් නැතිව පැය දෙකක් පුරාවටම කුතුහලයෙන් නරඹන්න පුළුවන් ඉතා සාර්ථක උත්සාහයක් විදිහට මම දකිනවා. දේශපාලන බලයට එරෙහිව තනි මිනිසෙක් කරන මේ දැවැන්ත සටන, අනිවාර්යයෙන්ම ඔබත් නරඹන්න හැමෝටම ජයවේවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට