More

    Aadikeshava (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Aadikeshava (2023) Sinhala Subtitle

    Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය සඳහා සංගීතයෙන් දාය වන්නේ G.V. Prakash Kumar.

    බාලු කියන්නේ එක පවුල බාලම පුතා. ඒවගේම අම්මගෙ හුරතලා. ඉතිං රස්සාවක් එහෙම කරන්නෙ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා ඇදලා තමයි ඉන්නේ. ඉතිං දවසක් ඔහුගෙ තාත්තගෙ බල කිරීම නිසා රස්සාවකට යනවා. එතනදි ඔහුට හම්බවෙනවා චිත්‍රාව. ඉතිං ඇය තමයි මොහුගෙ බොස් වෙන්නේ. ඇය එක්ක වැඩ කරන් යද්දි බාලුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඒකට ඇයගෙ පියා විරුද්ධ වෙනවා.

    ඒ කථාව එක් පසෙකින් යද්දි, චෙන්ගාරෙඩ්ඩි කියලා පතල් හාරන මැරයෙක් ගැනත් අපිට පෙන්වනවා. බොහොම දරුණු ස්වභාවයෙන් ඉන්න මොහු, බලෙන් ඉඩම් අල්ලගෙන මේ දේවල් කරගන්නවා. ඔහුට හරස් වෙන ඕනෙම කෙනෙක්ව ගැහැනු පිරිමි භේදයක් නොබලම මරලා දානවා.

    ඔහොම ඉන්නකොට තමයි බාලුගෙ ජීවිතේ කිසිවෙක් දැන නොසිටි අතීත පරිච්ඡේදයක් එලඹෙන්නේ. පතල් හාරපු චෙණ්ගාරෙඩි සහ කොස්මෙටික් ආයතනයක රස්සාව කල බාලු අතරෙ නොසිතූ විදියේ දෙයක් එළියට එන්නේ මේ අතරෙ. ඒ මොකක්ද? කොහොමද මේ දෙන්නා පටලැවෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Aadikeshava (2023) සිංහල උපසිරැසි” Aadikeshava.(2023).Sinhala.Subtitle.rar – Downloaded 6625 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. සබ් දෙද්දි දෙනවා හිටු කියලා….
      බොහෝම ස්තූතියි මචෝ ඒ කැපකිරීමට…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram