More

    Abominable (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ස්වභාවදහමේ නිර්මාණය වුන හුගක් ජිවී අජිවී අද්විතීය නිර්මාණයන් මිනිසාගෙන් සැගව තිබෙනතාක් ඒවා සුරක්ෂිතයි. ඒ පණිවිඩය මේ සරල කතාවකින් සමන්විත Animation චිත්රපටය තුලින් දෙනව. ඒ වගේම ඉතින් හුගක් අය දැනටමත් මේ චිත්රපටය බලලත් ඇති . මේක DreamWorks Animation සහ Pearl Studio එක්ව නිර්මාණය කරපු ලස්සන කතාවකින් සමන්විත වූ චිත්රපටයක්. ලොකු කුඩා භේදයකින් තොරව පවුලේ සැමට නරඹන්න පුලුවන් චිත්රපටයක්. දැන් එන සමහරක් Animation චිත්රපට තිබෙනව කුඩා ළමයින්ට නුසුදුසුම ඒව😂 නමුත් මෙහි එහෙම කිසිඳු ප්රශ්නයක් නෑ. මේ චිත්රපටය අධ්යක්ෂනය කරල තියෙන්නෙ Open Season චිත්රපටය අධ්යක්ෂනය කරපු Jill Culton කියන අධ්යක්ෂක වරිය විසින් ඒ වගේම චිත්රපටය ඩොලර් මිලියන $75 වියදම් කරල නිර්මාණය කරල ඩොලර් මිලියන $189 ක Box Office වාර්තාවක් තියන්නට සමත්ව තිබෙනව.

    ඉතින් චිත්රපටය තුල කතාව නිර්මාණය වෙලා තිබෙන්නෙ Everest කඳුකරයේ වාසය කරන Yeti කියන අත්භූත සත්ත්වයා පදනම්කරගෙන. ඇත්තටම අපි මේ සත්ත්වයා මුලින්ම Animation එහෙකින් දැක්කෙ Tin Tin කියන කාටුන් එක තුලින්. නමුත් මේ චිත්රපටය තුල මේ අත්භූත සත්වයාව හුරතල් Animation නිර්මාණයක් ලෙස ප්රෙක්ෂකයාට සමීප කරවීමට සමත්ව තිබෙනව. ඉතින් ඇත්තටම චිත්රපටය තුල තිබෙන Animation නිර්මාණයන් හරිම ලස්සනයි. මුලින්ම මෙහි කතාව පටන්ගන්නෙ චීනයේ ධනවත් ව්යාපාරිකයෙකුගෙ පරීක්ෂණාගාරයක් තුලින් Shanghai නගරයට පැන ගොස් තම වාසස්ථානය කරා යාමට උත්සහ කරන Yeti ගෙන්, ඉතින් ඒ වගේම මේ කතාව තුල ඉන්නව තරුණ ගෑනු ළමයෙකුත්, ඇය පවුලෙන් ඈත්ව ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරනව මුදල් රැස් කිරීමට, මොකද ඇගේ පියත් නැති වෙලා නිසාම. ඉතින් මේ ගෑනු ළමය රාත්රිය ගත කරන්නෙ වයලීනය වාඳනය කරමින් සඳලුතලයට වෙලා, එවිට අහම්බෙන් වගේ මේ පැනල ඇවිත් නගරය තුල සැරිසරන Yeti ව ඇයට හමුවෙනව. පසුව ඇය මේ සත්ත්වයා සමග මිතුරු වෙලා ඔහුව අර ව්යාපාරිකයගෙ හමුදාවෙන් ගලවගෙන ඔහුව Everest කඳු මුදුනට රැගෙන යාමේ අභියෝගය භාරගන්නව. ඉතින් මේ ගමනට අහම්බෙන් වගේ බාස්කට් බොල් ක්රීඩකයෙකුයි😂, තරුණ කොල්ලෙකුයි සහභාගි වෙනව. ඉතින් හාස්යජනක සිදුවීම් සමග ඉදිරියට ලස්සන Adventure කතාවක් බලාගන්න පුලුවන්.👍 අවසානයේ පවුල කියන එක මොනතරම් වැඳගත්ද කියන එකත් Yeti මේ කතාව තුලින් පැහැදිලි කර දෙනව.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Abominable.2019.Sinhala.subtitle.rar – Downloaded 394 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ජෙලා කුමාරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram