spot_img

An Action Hero (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

An Action Hero (2022) Sinhala Subtitle

 

ෆිල්ම් එකක කෙල්ලෙක්ගේ චරිතයක් නැතුව ඇක්ෂන් ෆිල්ම් එකක් හදන්න පුලුවන්ද? අපි දෙමළ තෙලෙඟු චිත්‍රපටිවල නම් දැකලා ඇති නේ චිත්‍රපටිය කොච්චර ඇක්ෂන් තිබ්බාත් ලව් ස්ටොරියක් ඔබන්න ගිහින් කතාව නාගන්නවා. මේ චිත්‍රපටියේ අයිටම් සිංදුවේ ඇරෙන්න මුළු ෆිල්ම් එකේම ගැණු කෙනෙක් පෙන්න හරි ඉන්නේ විනාඩි 5 – 6 ක් වගේ කාලයක්. තනිකම ආයුෂ්මාන් කුරානාත් එක්ක ජයදිප් අලාහවත් චිත්‍රපටිය පුරාවටම අපිව චිත්‍රපටියට හිරකරලා තියාගන්නවා..

ඇක්ෂන් ගැනත් කතා කලොත් අර කෙනෙක්ට ගැහුවා විසි වෙලා බම්ප් වෙලා යන වලි නැතුව සුපිරි ඇක්ෂන් සින්ස් ටිකක් මේකේ බලාගන්න පුලුවන් චිත්‍රපටියේ මැද හරියට යද්දි. ඒ නිසා මේක බලන්න අයිඩියා එකක් නැතුව නම් ඉන්නේ අනිවාර්යෙන් අද අරන් බලන්න… කතාව ගැනත් ටිකක් කියන්නම්… මානව් (ආයුෂ්මාන්) කියන්නේ හින්දි චිත්‍රපටිවල ක්‍රියාදාම නළුවෙක්. මොහුගේ චිත්‍රපටි ඉන්දියාවේ අතිශය ජනප්‍රියයි. ඒ වගේම මානව් ටිකක් උද්දච්චකමින් ඉන්න නළුවෙක්. මේ අයගේ චිත්‍රපටියක් රූගත කරනවා හරියානා වල. මෙහේ ඉන්න මන්ත්‍රිගේ මල්ලි එනවා මේ චිත්‍රපටි රුගත කරන තැනට මානව් එක්ක ඡයාරුපයක් ගන්න. මොකද ලග එන ප්‍රාදේශිය සභා මැතිවරණයට ඔහු තරග වදින නිසා පොඩි ජනතා ප්‍රසිද්ධියක් අරගන්න. නමුත් මානව් මේ කෙනාව සතපහකට ගණන් ගන්නේ නැහැ. ශුටින් ඉවර වෙලා මානව් පිටත් උනාම මානව්ගේ පිටිපස්සෙන් මේ විකි වාහනේ අරන් එනවා. මානව් මේ දවසේ තනියම එලියට යන්නේ ඔහුට අලුත් වාහනයක් ලැබෙන නිසා. නමුත් ටික දුරක් යද්දි මානව් දකිනවා පාර හරස් කරගෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අර ඔහු එක්ක පින්තුරයක් ගහාගන්න බලාගෙන හිටපු විකි. කොහොම හරි දෙන්නා අතර බහින් බස් විමක් වෙලා වීකිව තල්ලු කරද්දි ඔහුගේ ඔළුව ගලක වැදිලා ඔහු මිය යනවා. මානව් කලබල වෙනවා.. චිත්‍රපටිවල වැඩ දැම්මාට ඇත්ත ජිවිතේ එවා බැහැනේ.. දැන් මිනිමැරුම් චෝදනාවක් ඔහුට වැටෙන්නයි යන්නේ… කොහොමද එකෙන් ගැලවෙන්නේ… අනික විකිගේ අයියා පලාතේ නමගිය මැරයෙක් වගේම මන්ත්‍රිකෙනෙක්.. මේවායින් බේරෙන්න මානව් ලන්ඩන් වලට පැනලා යනවා.. එතැනින් තමයි තව ප්‍රශ්න වැලකම මානව් පැටලෙන්නේ. ඔය මුල විනාඩි 15 වෙන දේ. ඉතින් බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram