spot_img
spot_img
More

    Arctic (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජනප්‍රිය හොලිවුඩ් නලු Mads Mikkelsen ප්‍රමුඛ රංගනයෙන් දායකවුනු Arctic චිත්‍රපටය 7.0/10ක IMDB දර්ශක අගයක් ලබාගත් Adventure, Drama කියන වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටයක්. Mads Mikkelsen හැරුණුකොට මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ තවත් චරිත දෙකක් පමණයි. ඒ Maria Thelma Smáradóttir සහ Tintrinai Thikhasuk කියන රංගන ශිල්පීන් දෙන්නා. එයිනුත් Tintrinai Thikhasuk පෙනී ඉන්නේ බොහොම සුලු කාලයකට පමණයි. එතකොට මේ චිත්‍රපටය පුරාම වගේ අපිට දකින්න පුලුවන් චරිත දෙකක් පමණයි. ඒ වගේම මේ චිත්‍රපටයේ ‍බොහොම සීමිත දෙබස් ප්‍රමාණයක් පමණයි තිබෙන්නේ. හැබැයි වගකීමෙන් කියන්න පුලුවන් චරිත සහ දෙබස් අඩු වුනාට මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක් බව.

    survival movies එහෙමත් නැත්නම් කුමක් හෝ අනතුරකින් හෝ ආපදාවකින් ජීවිතය බේරගන්න දරණ උත්සාහයන් වටා ගෙතුණු චිත්‍රපට නරඹන්න ප්‍රිය කරන අයට මේ චිත්‍රපටය විශේෂයි. යම් හේතුවක් නිසාවෙන් උත්තර ධ්‍රැවයට කඩාගෙන වැටිලා සිදුවුනු ගුවන් යානා අනතුරකින් දිවි ගලවාගන්නා Overgård (Mads Mikkelsen) තමන්ව බේරාගැනීමට කවුරුන් හෝ එනු ඇතැයි දැඩි අධිෂ්ඨානයෙන් බලාගෙන ඉන්නවා. ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් ඔහුව මුදවාගන්න හෙලිකොප්ටර් එකක් එනවා. නමුත් අවාසනාවන්ත ලෙස දරුණු හිම කුණාටුවකට මැදිවෙලා ඒ හෙලිකොප්ටර් එක කඩාගෙන වැටෙනවා. එහි නියමුවා මිය යනවා, නියමු සහායිකාව තුවාල ලබා දිවි බේරාගන්නවා. ඇය ඇවිද ගන්නටවත් නොහැකි තත්ත්වයට පත්වෙනවා. එතැන් පටන් තමන්ගේ ජීවිතය වෙනුවෙන් පමණක් සටන් කළ Overgårdට සිදු වෙනවා එම තරුණියගේ ජීවිතය ගැනත් බලන්න. මුදවාගැනීමේ කණ්ඩායමක් පැමිණ තමන්ව බේරාගෙන යනතුරු ඔවුන් දෙදෙනා ජීවිත්ව සිටීමට දරන වෙහෙස සහ එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග වටා තමයි චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ. බැලූ බැලූ අත හිම විතරක්ම පේන්න තියෙන උත්ත්ර ධ්‍රැව‍යේ හුදකලා වූ ඔවුන්ට තමන්ගේ ජීවිතය බේරා ගන්නට පුලුවන් වේවිද? නරඹන්න.. තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Arctic.2018.Sinhala.Subtitle.rar – Downloaded 198 times – 4 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram