More

    Are You There God It’s Me Margaret (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Are You There God It’s Me Margaret (2023) Sinhala Subtitle

     

    මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසු‍රෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක අරමුණක් තමයි කාන්තා ලිංගික අධ්‍යාපනය. ඒ කියන්නේ කුණුහරුප නෙමෙයි. වැඩිවියට පා තබන ගැහැණු දරුවන්ගේ ශරීර‍යේ සිදුවෙන වෙනස් කම්, එයාලාට දැනෙන විදිය මේ චිත්‍රපටියෙන් කතා ‍කෙරෙනවා. අපේ රටේ ති‍‍යෙන සංස්කෘතිය හෝ වෙන සමාජ කතිකාවත් නිසා, මේවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නේ නෑ. හැබැයි, ඒක කතා කළ යුතු මාතෘකාවක් කියන එකයි ම‍ගේ මතය. මේ චිත්‍රපටිය, ඒ ගැන ඉතා සංය‍මයෙන් කතා ‍කරනවා.

    අනිත් එක තමයි ආගම. දරු‍වෙක්ට තමන්‍‍ගේ ආගම තෝරගන්න නිදහස ගැනත් ‍මේ චිත්‍රපටියේ කතා කෙ‍රෙනවා. ඒවාත් අපේ සමහර අයට ඇලජික් නිසා, දැනගෙන බලන්න.

    මේ චිත්‍රපටිය නිර්මාණය ‍වෙන්නේ 1970 දී Judy Blume රචනා කරන ලද Are You There God? It’s Me, Margaret. නම් නවකතාව පදනම් කරගෙන. මේ පොතත් ඉතා විශේෂ එකක්. මේ පොත 1970 ඉඳලා අද දක්වා එක දිගට මුද්‍රණය වෙන එකක්. අදටත් එහි ජනප්‍රියත්වය නොනැසී පවතිනවා. ඒ නිසා, ඒ නමින්ම චිත්‍රපටියත් නම් කරන්න, හැමෝම තීරනය කරලා ති‍යෙනවා.

    චිත්‍රපටියේ තිර පිටපත ඉහත කියපු පොත ඇසුරෙන් නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කලේ Kelly Fremon Craig. ලොව පුරා බෙදාහැරීම භාර අරගෙන තියෙන්නේ Lionsgate සමාගම. රඟපෑමෙන් දායක ‍වෙනවා Abby Ryder Fortson (මාග්‍රට්), Rachel McAdams (බාබරා), Elle Graham (නැන්සි), Kathy Bates (සිල්වියා) ඇතුළු පිරිසක්. මේකෙදී වි‍ශේෂ ගෞරවයක් දෙන්න ඕනේ ළමා නිළියන්ට. ඔවුන්ගේ දක්‍ෂ රඟපෑම නිසා, චිත්‍රපටිය වර්ණවත් වෙලා තියෙනවා.

    Web ratings ගැනත් වචනයක් කියන්න ඕනේ. මේ ලිපිය ලියන මො‍හොත වෙනකොට, IMDb 7.5, Rotten Tomatoes 99%, Google Users 86% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

    කතාව ගැනත් ‍කෙටියෙන්ම ‍කියන්නම්. මාග්‍රට් කියන්නේ යුදෙව් ආගමික පියෙකුට සහ ක්‍රිස්තියානි ආගමික මවකට දාව උපන් දියණියක්. ඇය‍ගේ ආගම තෝරගන්න, ඇයටම ඉඩ දෙන්න දෙමාපියන් තීරණය කරනවා. ඒ අතරේම, මාග්‍රට් කියන්නෙ නව යොවුන් වියට පා තබන ගැහැණු දරුවෙක්. ඇයගේ සිරු‍රේ ඇතිවෙන සහ ඇතිවෙන්න යන වෙනස් කම් වලට මුහුණ දෙන්න ඇය සූදානම් වෙනවා. මේ කතා‍වේ තියෙන්නේ, ඇය‍ ආගම තෝරගන්‍නේ කොහොමද? ඇයගේ වෙනස්කම් වලට මුහුණ දෙන්නෙ කොහොමද? වගේ දේවල්. චිත්‍රපටිය බලලාම ඉන්නකෝ.

    හැමදාම වගේ කියන්‍නේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, අපිට කියන්න. ඒවායින් අපි තවත් දිරිමත් වෙනවා. එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Are You There God It's Me Margaret (2023) සිංහල උපසිරැසි” Are.You.There.God.Its.Me.Margaret.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1243 times – 966 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    2. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    3. මචං.. සබ් එක ඩවුන් කරන්න බෑනේ… No file paths defined කියලා බ්ලෑන්ක් පේජ් එහෙකට යනවා……

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram