More

    Barbie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Barbie (2023) Sinhala Subtitle

     

    හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි බෝනික්කලාත් ඉන්නවා නම්? මේ කතාව කියන්න යන්නේ ඒ වගේ බාබිලා ජීවත්වෙන බාබිලන්තයක් ගැන. මේ බාබිලන්තයේ හැමදේම තියෙනවා. හැම කෙනාටම විශේෂිත වූ වැඩක් තියෙනවා. ඒ අතරේ එක බාබි කෙනෙකුට අවුලක් වෙනවා. මෙයාට ඇයගේ ලෝකය සහ පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේ ඇත්ත ලෝකේ සහ බාබිලන්තය අතර වෙනස හොයාගන්න බැරිව. මේ ගැටළුව විසඳගන්නේ කොහොමද?

    මුලින්ම මම මේ චිත්‍රපටිය බලනකොට කල්පනා කලේ, මේ වගේ තේමාවක් ඇත්ත මිනිස්සු යොදාගෙන කරන එක සාර්ථකද කියලා. මොකද මම බලාපොරොත්තු වුනේ මේක ඇනිමේෂන් එකක් වෙයි කියලා. බාබිලා නේ. හැබැයි, මේ චිත්‍රපටිය බලකොට තමයි තේරුනේ, මේක කොච්චර වෙනස්ද කියලා. රඟපෑමෙන් දායක වෙන හැමෝමත්, අධ්‍යක්ෂණය කරපු කාන්තාව වුනත් තම තමන්ගේ කාර්යයන් ඉතා මැනවින් කරලා තියෙනවා.

    චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 100ක වගේ මුදලක් යොදවලා. හැබැයි, මේ වෙනකොට ඇමරිකාවේ සහ කැනඩාවේ පමණක් ඩොලර් මිලියට 622ක් උපයගෙන තියෙනවා. ලෝකය පුරා බෙදාහැරීම් වලින් මේ වෙනවිට උපයගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 1405.6 ක්ලු. ඩොලර් බිලියන එක හමාරක් විතර. බලන්න කොච්චර ආදායම් අතින් සාර්ථකත්වයක් අරගෙනද කියලා. ඒ අතින් Warner Bros. සමාගමේ ඉතා ලොකු පිම්මක් කියලා මේක හඳුන්වන්න පුළුවන්.

    Web ratings අතින් බැලුවත් ඉතා හොඳ මට්ටමේ තියෙන චිත්‍රපටියක් මේ. මම මේ ලිපිය ලියන මොහොත වෙනකොට IMDb 7.2, Rotten Tomatoes 88%, Google Users 79% මේකට තම කැමැත්ත පළකරලා තියෙනවා.

    චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ ඇමරිකානු ජාතික Greta Gerwig විසින්. මේ තිර රචනය සඳහාත් ඇය දායක වෙලා තියෙනවා. මටෙල් සමාගමේ බාබි කියන බෝනික්කා චරිතය ඇසුරෙන් තමයි චිත්‍රපටි කතාව නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Margot Robbie (බාබි), Issa Rae (ජනාධිපති බාබි), Kate McKinnon (අමුතු බාබි), Alexandra Shipp (ලේඛක බාබි), Ryan Gosling (වෙරළ කෙන්), Ariana Greenblatt (සාෂා), America Ferrera (ග්ලෝරියා) ඇතුළු විශාල පිරිසක්.

    මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න ඔයාලාටත් ආරාධනා කරනවා. මම හැමදාම කියනවා වගේ, මේ චිත්‍රපටි උපසිරැසි වල තියෙන අඩුපාඩු, ගුණ දොස්, වැරදි, හොඳ නරක අපිට කියන්න. ඒවා අපිට අපේ උපසිරැසි ගුණාත්මක කරගන්න උදව්වේවි. එහෙනම් හැමෝටම ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Barbie (2023) සිංහල උපසිරැසි” Barbie.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1143 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram