More

    Boss Level (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    BOSS LEVEL (2020) තවත් විද්‍යාත්මක පසුබිමක යන ත්‍රාසජනක කතාවක්. වෙනස්ම විදියේ කතා තේමාවක් අරගෙන එන චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න පුළුවන්. චිත්‍රපටිය ඇතුලේ නළු නිළියන් හැසිරවීම ඉතා දක්ෂ විදියට කරලා තියෙනවා. ඒ වගේම මේකේ සංස්කරණය කරපු කෙනාටත් විශේෂ ගෞරවයක් පිරිනමන්න වෙනවා. ඇයි කියලා චිත්‍රපටිය බලනකොට තේරේවි.

    හොලිවුඩයේ ජනප්‍රියම නළුවෙක්ව, උප ප්‍රධාන චරතයට යොදාගෙන මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ Mel Gibson. මෙයාගේ නම චිත්‍රපටියේ තියෙනකොට, මම හිතුවේ ප්‍රධාන චරිතය එයාගේ කියලා. ඒත් මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Frank Grillo විසින්. අනිත් හැම චරිතයක්ම සුළු චරිත වුනාට, ඒවායින් මේක ප්‍රාණවත් වෙනවා. Selina Lo, Mathilde Ollivier, Will Sasso වගේ අය අනෙක් චරිත රගපානවා.

    Ratings ගැන හැමදාම කියනවානේ. මෙන්න මේකේ තත්වය. IMDB, Rotten Tomatoes තාම මේකට මනාපය පලකරන්න අවස්ථාව දෙන්නේ නෑ. ඒ වුනාට Google Users 92% ක් මේකට කැමැත්ත පලකරලා තියෙනවා.

    කතාව දිවෙන්නේ, විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට, රෝයි හැමදාම උදේ නැගිටින්නේ එකම දවසේ. දවස පටන් ගන්නේ එකම සිද්ධි මාලාවෙන්. හැමදාම එකම මැර කණ්ඩායමක් රෝයිව මරන්න එනවා. එක්කෙනෙකුගෙන් බේරුනත්, වෙන කෙනෙක්ගෙන් රෝයි මැරුම් කනවා. ඒ මැරුණාම ආයේ නැගිටින්නේ සුපුරුදු උදේ සිද්ධි මාලාවෙන්. මේකෙන් රෝයි බේරෙන්න දරන උත්සාහය තමයි කතාවේ තියෙන්නේ. කී පාරක් උත්සාහ කලාද කියලා මේක බැලුවාම තේරෙයි. ඇයි මෙහෙම වෙන්නේ? බේරෙන්නේ කොහොමද? මේවා කතාවේ රස තැන්.සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Boss Level (2020) සිංහල උපසිරැසි” Boss.Level.(2020).Sinhala.Subtitle.rar – Downloaded 9612 times – 922 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram