More

    Bumblebee (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වසර 2007 දී මුලින්ම නිකුත් වූ Transformers චිත්‍රපට මාලාවෙහි පළමුවැන්න විසින් ලොව පුරාම ජනිත කළේ එසේ මෙසේ මවිතයක් නම් නොවේ. රොබෝ කතන්දර කියන දේ හොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය පුරාම නොයෙක් ආකාරයෙන් දැක තිබුනත් Transformers වැන්නක් අත්දකින්නට ලැබුනේ ප්‍රථම වතාවටයි. Michael Bay විසින් සිදුකළ විශ්මජනක සහ දැවැන්ත සිනමා නිර්මාණයක් විදිහට එදා මුල්ම වරට දැනුනු සිනමාත්මක විශ්මය ක්‍රම ක්‍රමයෙන් දියාරු වන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම හතරවෙනි සහ පස්වෙනි චිත්‍රපට තුළ විශාල වෙනස්කම්වලට භාජනය වූ දේවල් එමට අන්තර්ගත වුවත් ඒ කිසිවක්ම මුලින්ම දුටු දේවල් හා පෑහුනේ නැහැ. කතාමාලාව අනවශ්‍යාකාරීව රටාවෙන් පිට පැනපු හැටිත්, Michael Bay ගේ දායකත්වය තවදුරටත් චිත්‍රපට මාලාවට වලංගු නොවනා ආකාරයකුත් තමයි දකින්නට ලැබුනේ. ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රධාන කතන්දරය වෙනත් මඟක ගමන් ගනිද්දී, ඉන් රසික ප්‍රජාව කළකිරීමකට පත්ව සිටියදී, වෙනත්ම මානයකින් පැරණි රසය යළි සිහිගන්වමින්, Autobots පරම්පරාවේ සුරතලා හෙවත් Bumblebee ගේ පෘථිවි ආගමනය ගැන කියවෙන පැරණි කතන්දරය අතිශය නැවුම්ම කරළියට පැමිණුනා.

    චිත්‍රපට මාලාවේ සයවැන්න විදිහට Bumblebee නමින් නිකුත් වූ අලුත්ම කතන්දරය අධ්‍යක්ෂනය කරන්නේ Travis Knight. සම්මානනීය ඇනිමේෂන් නිර්මාණයක් වූ Kubo and the Two Strings හි නිර්මාණයකරුවා ලෙසින් ඔහුට ආවේණික වූ නිර්මාණාත්මක ඇස මෙහිදීත් සාර්ථකව යොමුකරවා තිබුනා. Cybertron ලොවෙන් මිදී පෘථිවිය කරා තනිව පැමිණෙන Bumblebee ට මුහුණ දෙන්නට සිදුවූ අභියෝගයන් බොහෝයි. මේ වනවිටත් දන්නා කියන Autobots වීරයන් අතුරින් Bumblebee හට තිබුනේ සුවිශේෂී ස්ථානයක් වුවත්, සියල්ල
    ඇරඹි පළමු වකවානුව තුළ දී සිදුවූ සියල්ල අගනා ලෙස විස්තර සහිතව නිවැරදිව ඉදිරිපත් කර තිබුනා. Transformers මුල්ම චිත්‍රපටයේ Bumblebee සහ Sam Witwicky අතර සිදුවූ සුන්දර හමුවීම, ලෙංගතු ලබැඳියාව, ශක්තිමත් මිතුදම යළිත් එයාකාරයෙන්ම ප්‍රේක්ෂකයාට සිත්සේ විඳින්නට අවස්ථාවක් සැලසෙන්නේ Charlie Watson නම් නව යොවුන් මිතුරියගේ හමුවත් සමඟයි. The Edge of Seventeen චිත්‍රපටයෙන් මින් පෙරදී හමු වූ ඇයව මෙවරත් ඒ සුපුරුදු ආකර්ශනීය ‍රංගනයෙන් මුලු චිත්‍රපටයම හැඩ කර තිබුනා. විශේෂ අවධානය Bumblebee වෙතටත් ඇය වෙතටත් සමසමව රඳවාගන්නට සමත්ව තිබුනා.

    ට්‍රාන්ස්ෆෝමර්ස් කතන්දර තුළට පසුකාලීනව එල්ල වූ අහිතකරම බලපෑම වුනේ අලුත්ම චරිතයන් ඊට රොතු පිටින් එක් කර තිබීමම වුවත්, මෙහිදී අපට හමුවන්නේ කතන්දරයට වඩාත්ම වැදගත් වූ අවශ්‍යම කරන චරිත විස්තරයක් බව හොඳින්ම කැපී පෙනුනා. Charlie විසින් අප්‍රමාණ වූ ආදරයකින් Bumblebee ව රැක බලා ගන්නා හැටි අතිශය හැඟුම්බරව ඔප් නංවා තිබුනා. තම පියාගේ අභාවයත් එක්ක මවගේ නව පෙම්වතා සමඟින් සැදුම්ලත් පවුල් පරිසරයක ඇයට තිබුනා ජීවන අරගලයක්. නව යෞවනියක් විදිහට සමාජයත් එක්ක ගැටෙන්නට සිදුවූ බොහෝ අවස්ථාවලදී ඇයව නිරන්තරයෙන්ම පෙළූ තනිකමක් තිබුනා. සියල්ල සර්වසම්පූර්ණ වෙන්නේ අහම්බයෙන් ඇගේ දිවියට පැමිණි යකඩින් තැනුනු Bumblebee විසින්. මනුෂ්‍ය වාසීන් අතර අපහසුවෙන් කල් ගෙවූ ඇයට, පැතූ අස්වැසිල්ල ලැබුනේ යන්ත්‍රයකින්. අනික් පසින් නුපුරුදු ලොවක අතරමං වූ Bumblebee ට කලාතුරකින් හමුවිය හැකි නිවැරදිම මනුෂ්‍ය ආශ්‍රය ලැබුනේත් ඇයගෙන්. Charlie – Bumblebee සබඳතාවය වැන්නක් මින් පෙර Transformers කතන්දරය තුළට මේ තරම් ප්‍රේමණීය බවකින් ඇතුලත්ව තිබුනේ නැහැ. එනිසාම මේ පිරවුණේ මඟහැරී ගිය හිස්බවක්.

    බැඳීම් ගැන කියවෙන කතන්දරයක් වන තරමටම සතුරු සේනාංකයන් හා කෙරෙන සංග්‍රාමයත් දැවැන්තම තළයකින් යුක්ත වුණා. මෙතනදී සමස්ත කණ්ඩායමෙන් වෙන් වූ Bumblebee ට තනිවම සටන් කිරීමේ අවාසිය දැඩිව බළපෑවා. මිනිස් සතුරන් සහ තම වර්ගයා වූ දැවැන්ත රොබෝ යන්ත්‍ර සමඟ සටනත් අතරට මැදිවන මිනිස් මිතුරියව රක්ෂා කිරීමේ වගකීමත් ඔහු මත පැටවෙන විට සෑම අතින්ම ඔහු අන්ත අසරණයි. ඒ නිසාම තනිවම මුහුණදුන් සටන තුළ බොහෝ දෑ දකින්නට ලැබුනා. ඒ වගේමයි කතන්දරය නිරතුරුවම 80 දශකයේ මියුරු ගීතයන්ගෙන් පිරී ඉතිරී යාමත් අපූරුම අත්දැකීමක්. සෑම සංගීත ඛණ්ඩයක් එක්කම මැවෙන රූප රාමු තුළ ප්‍රේක්ෂකයා ලබන ප්‍රබෝධය නිමක් නැති එකක් කරවන්නට නිර්මාණකරුවන් විසින් විශේෂයෙන්ම වග බලා ගෙන තිබුනා.

    කලක් තිස්සේම දිරාපත් වෙමින් පැවති ට්‍රාන්ස්ෆෝමර්ස් කතාමලාවේ නිවැරදි රිද්මය හඳුනාගත් අවස්ථාවක් ලෙසට Bumblebee යනු ෆ්‍රැන්චයිසය තව දුරටත් සුරැකීමේ නිවැරදිම තුරුම්පුවයි. එය නිවැරදි කාලවේලාවකම එල්ල කරන්නට සමත්වීම නිසා බොහෝ විට ඉදිරිය වඩාත් සුභදායී එකක් ද වනු ඇති

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Bumblebee (2018) සිංහල උපසිරැසි” Bumblebee.2018.Sinhala.Subtitle.rar – Downloaded 1443 times – 30 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රවිඳු සසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram