today-is-a-good-day
More

    Captain Underpants (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් ඔන්න අලුත් ඇනිමේෂන් ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.කාලෙකින් නේ.මේ දවස්වල කොස් එකක් කරන නිසා ටිකක් කාර්යබහුලයි.ඒත් ඉතින් ඇනිමෙෂන් එකක් ආවම අතාරින්නත් බැහැනේ.වැඩේ කරන්න ගත්තා.ගොඩක් මහන්සියෙන් තමයි වැඩේ කරගෙන ආවේ.රැ දෙකක් කැපකරගෙන.ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

    මේ ෆිල්ම් එකත් අපි ගොඩක් දන්න ඇනිමෙෂන් සමාගමකින් තමයි අරගෙන එන්නෙ.dreamworks animation කිව්වම කට්ටිය දන්නවා ඇතිනේ.මම කරපු ගොඩක් ෆිල්ම්,ඇනිමේෂන් සිරිස් එයාලගේ තමයි.මම අන්තිමට ගෙනාපු boss baby (2017) වගේම troll hunters season 01(2016)Dragon race to the edge season 01-06(2012-2017) වගේ තව ගොඩක් තියෙනවා.ඉතින් මේකත් එවා වගේම ලස්සන ඇනිමේෂන් එකක් තමයි.අපි යමු කතාව පැත්තට.

    ඉතින් මේකෙ ප්‍රධාන චරිත දෙක තමයි ජොර්ජ් බියර්ඩ් සහ හැරොල්ඩ් හියුචින්ස් කියන පොඩි ලමයි දෙන්නෙක්. මේ දෙන්නගේ හැකියාවන් නම් ගොඩක් ඉහලයි.මෙයාල ටිකක් මනකල්පිතව දෙවල් හිතින් මවාගන්න ගොඩක් දක්ෂ අය. මෙයාලගේ කැමතිම විනෝදාංශය තමයි චිත්‍රකතා පොත් හදන එක.ඔවුන් ගොඩක් විනෝදෙන් විහිළුවෙන් කාලය ගතකරන්නෙ. ඒත් පොඩි අවුලක් තියෙනවා.ඔවුන්ඉ ගෙනගන්න පාසලේ විදුහල්පති ගොඩක් නපුරු කෙනෙක්.ඒ තමයි මිස්ටර් කෘප්.විනෝදවෙන්න කැමති නෑ.කලාකාමි කිසිදෙකට කැමැත්තක් නැති කෙනෙක්.පාසලේ ලමයි හිරගෙදරක වගේ ඉන්නෙ.ඉතින් මේ දෙන්නා තමයි හැමතිස්සෙම පිස්සුවක් කරලා හැමොම සතුටින් තියන්නෙ.ඉතින් මේවා කරද්දි විදුහල්පතිගෙන් එන කරදර ගොඩයි. මෙහෙම යද්දි එක දවසක් විදුහල්පතිට මේ දෙන්නගෙ හොර වැඩක් අහුවෙනවා.ඉතින් ඒකට දඩුවමක් විදියට ඔවුන් දෙන්නගේ මිත්‍රත්වය බෙදලා වෙන් කරන්න එයා තිරණය කරනවා.ඒ කියන්නෙ පන්ති දෙකකට දාන්න.ඉතින් ඒකෙන් බේරෙන්න මේ දෙන්නා මොහන මුද්දකින් විදුහල්පතිතුමාව මොහනය කරනවා.ඒකෙන් ඔහුව වෙනස් කරනවා ඔවුන්ගේ ජනප්‍රියතම චිත්‍රකතා චරිතයකට.ඉතින් ඉට පස්සෙ මේ දෙන්නට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙවිද? ඒ වැඩේ සාර්ථක වෙයිද? ඒක ඉතින් කට්ටිය අරගෙනම බලන්න. ඉතින් ලස්සන ඇනිමේෂන් එකක්.හැමොටම බලන්න පුළුවන්.ඉස්සරහට වැඩ ගොඩක් ඉතුරුවෙලා තියෙනවා.ඒ ටිකත් පූළුවන් ඉක්මනට අරගෙන එන්නම්.වැඩත් එක්ක ටිකක් අමාරුයි.පුළුවන් තරම් වෙලාව බැලන්ස් කරලා කරගෙන එන්නෙ. එහෙනම් තවත් අලුත් උපසිරැසියකින් හම්බවෙමු.එතකන් කට්ටියටම ජය වේවා…….!!!!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Captain Underpants (2017) සිංහල උපසිරැසි” Captain.Underpants.2017.Sinhala.Subtitle.rar – Downloaded 251 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන් සමීර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram