spot_img

Countdown (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලෙකින් සබ් එකක් කරන්න බැරි වුන නිසා ඉතිං ආයෙමත් උස්සන් ආවා චිත්‍රපටියක්.. ඔයාලා මේ වෙද්දි මේක බොහෝ විට බලලා ඇති මේ චිත්‍රපටය නමින් පාදක වුන ඇප් එක ගොඩක් කතාබහට ලක්වුන හින්දා.. ඒ ටික කියද්දිම දන්නවනෙ චිත්‍රපටිය Countdown කියලා.. පොඩ්ඩක් කතාව ගැන බලමු..

පටන් ගන්නෙ නම් පොඩි සාදයකින් යාළුවො සෙට් එක තරඟයක් තියනවා එතකොට එක්කෙනෙක් කියනවා මෙහෙම මැරෙන දවස කියන ඇප් එකක් තියෙනව කියලා.. ඉතිං හැමෝම මේක දාගෙන ඉස්සරෝම මැරෙන කෙනා පරාදයි කියලා කියනවා.. ඉතිං එක ගෑනු ලමයෙක් පරදිනවා.. එයාට ඒකේ විදිහට බොහොම පොඩි කාලයක් තියෙන්නෙ මැරෙන්න.. ඉතිං මේ භයේම එයාගෙ පෙම්වතත් එක්ක යනවා.. වාහනේ හැප්පිලා මේ වෙලාවට මැරෙයි කියලා එයා පයින්ම යනවා. කොහොම හරි එයාට ඒවෙලාවට මැරෙන්නම සිද්ධ වෙනවා.. ඉතිං එයාගෙ පෙම්වතා කාර් එකේ වෙනම ගියත් ඒ වෙද්දි ඒ වාහනෙත් හැප්පෙනවා. ඒකෙන් මේ කොල්ලට හොඳටම තුවාල වෙනවා ඉතිං මෙයා රෝහලකට ඇතුළු වෙලා එහෙ ප්‍රතිකාර ලබද්දි මෙයාටත් මැරෙන්න වෙනවා ඒ ඇප් එක කියන වෙලාවට.. එයා මැරෙන්න කලින් ක්වින් කියන හෙදියට මෙහෙම ඇප් එකක් ගැන කියනවා.. ඉතිං ඔය කතාව හින්දා රෝහලේ හැමෝම ඕක දාගත්තම ඉස්සරෝම මැරෙන්න තියෙන්නෙ ක්වින්ට…

එහෙනම් ඔයාලට චිත්‍රපටය බලන්න ඉතුරු කරලා තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට තෙරුවන් සරණයි!!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram