More

    Diya (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඒ වගේම හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය බලෙන් උදුරා ගන්නවා නම් ඒක තමයි මේ ලෝකෙ මනුස්සයෙක්ගේ අතින් වෙන්න පුලුවන් ලොකුම පාපය. ‍පර පණ නැසීම පාපයක් කියන කාරණය සෑම ආගමික ශාස්තෘවරයෙක්ම බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ පාපකර්මය මේ මොහොතේ පවා ලෝකයේ කොහේ හෝ තැනක සිද්ද වෙනවා. කෙනෙකු අතින් තවත් කෙනෙකු මිය යනවා. ජීවයක් විසින් තවත් ජීවයක් විනාස කර දමනවා. ඒ විදියට ජීවත් වීමේ අයිතිය අහිමිව යන්නේ මේ මහපොළවේ ඉපදිලා ජීවත් වෙලා ලෝකය දැකපු ජීවින්ට විතරක්ම නෙවෙයි. කවදාවත් මෙලොව එළිය නොදැකපු සරලවම කිවුවොත් නූපන් දරුවන්ගේ පවා ජීවත් වීමේ අයිතිය හරිම කුරිරු විදියට මවු කුසේදිම අහිමි කරලා දානවා. දෑස් හරින්නටත් මත්තෙන් ඉරණම විසඳෙන එකී සුවහසක් නූපන් බිළින්දන් වෙනුවෙන් නිර්මාණය වුනු සිනමා සිත්තමයි ‘දියා’.

    ඉන්දියාව තුළ වසරක් තුළදී මිලියන 7ක් පමණ ගබ්සා කිරීම් සිදු වෙනවා. එයිනුත් 56%ක් අපරික්ෂාකාරී අනාරක්ෂිත ගබ්සා කිරිම්. එම ගබ්සා කිරීම් වලදී නුපන් බිළිඳා සමගින් මවටත් ජීවිතය අහිමි වීමේ ලොකු අවධානමක් තියෙනවා. ගබ්සා කිරීම කියන දේ අද වෙද්දි ඉන්දියාව තුළ තදබල සංස්කෘතික ගැටලුවක් වගේම දරුණු සෞඛ්‍ය ගැටලුවක් බවටත් පත් වෙලා අවසන්. එකී ගැටලුවට රජයක් විදියට මැදිහත් වෙන්නට පුලුවන් සීමාවක් තියෙනවා. නමුත් අද වෙද්දි ඉන්දියාවේ මේ මේ ගබ්සාව කියන ප්‍රශ්නය තියෙන්නේ ඒ සීමාවෙන් ‍ගොඩාක් ඈත. රටක් හැටියට මුලු මහත් භාරතයටම පිළිලයක් වුනු මේ ගැටලුවට සිනමාව හරහා කරපු මැදිහත් වීමක් තමයි ‘දියා’ චිත්‍රපටය තුළින් අපිට දකින්නට ලැබෙන්නේ. නූපන් ජීවයක් විනාස කිරීම කොයි තරම් නම් සාහසික අපරාදයක්ද කොයි තරම් නම් බරපතල පාපයක්ද කියන වග හදවතට දැනේවි මේ චිත්‍රපටය නැරඹුවාට පස්සේ.

    Madrasapattinam (2010), Deiva Thirumagal (2011), Thaandavam (2012, Thalaivaa (2013), Idhu Enna Maayam (2015), Vanamagan (2017) වගේ ජනප්‍රිය සිනමා නිර්මාණ ගණනාවකම අධ්‍යක්ෂකවරයා වුනු Vijay තමයි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රේමම් Premam (2015) චිත්‍රපටයේ කළ රංගනය හරහා ‘මලර් ටීචර්’ විදියට ලාංකීය සිනමා රසිකයන්ගේ හදවතේ ගැඹුරුම තැනක ලැගුම් ගත් සායි පල්ලවී තමයි ‍’දියා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ. IMDB දර්ශක අගය 7.2/10ක් විදියට සනිටුහන් කරගත්තු ‘දියා’ චිත්‍රපටය Drama, Horror, Thriller කියන වර්ගීකරණයන්ට අයත්.

    තුල්සි සහ ක්‍රිෂ්නා උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්න ආදරවන්තයින් දෙපළක්. කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු මොහොතක තුල්සි ගැබ් අරගෙන කියලා දොස්තරවරිය කරන සනාත කිරීමත් එක්ක මේ ආදරවන්තයන් දෙපළ සහ ඔවුන්ගේ දෙමවුපියන් ලොකු ගැටලුවකට මැදි වෙනවා. අනිත් දෙමවුපියෝ වගේම තමන්ගේ දරුවන් අධ්‍යාපන කටයුතු හමාර කරලා ඔවුන්ගේ වෘත්තීය ජීවිතයන්හී සාර්තකත්වයට පත්වෙනවා දකින්නටයි මේ දෙමවුපියන්ටත් වුවමනා වෙන්නේ. තුල්සිගේ කුසේ වැඩෙමින් ඉන්න මේ දරුවා ඒ හීනය කඩා ඉහිරවන්න ආපු බාදාවක් හැටියටයි ඔවුන් දකින්නේ. පවුල් දෙකේම මැදිහත් වීමෙන් තුල්සිගේ තදබල විරෝදයද නොතකා ඔවුන් ඇයව ගබ්සා කිරීමකට ලක් කරනවා.

    ඒ සිදුවීමෙන් වසර 5කට පස්සේ තුල්සි සහ ක්‍රිෂ්නා විවාහ වෙනවා. තමන්ගේ නූපන් දරුවා වසර පහකට පෙර මුහුණ දුන්නු ඒ අවාසනාවන්ත ඉරණම ගැන හැමදාමත් හදවතින් ලොකු වේදනාවක් විඳිමින් ඉන්න තුල්සිගේ ජීවිතයට මේ අතරෙදි එනවා අමුත්තියක්. ඇය තමයි දියා. දෑස් හරින්නටත් මත්තෙන් සදහටම දෑස් පියාගත් දියා! මව් කුසේදිම අකාරුණික විදියට ජීවත් වීමේ අයිතිය අහිමි වුනු නූපන් දියණිය දියා! තමන්ව තමන්ගේ ආදරණීය අම්මාගෙන් වෙන් කරපු ඒ නපුරු මිනිසුන්ගෙන් පළිගන්න මේ ලෝකෙට ආපු හුරතල් දියණිය දියා! නූපන් දියණියට ජීවිතය අහිමි කළවුන්ගේ ඉරණම විසඳෙන හැටි දකින්නට නරඹන්න ‘දියා’.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Diya (2018) සිංහල උපසිරැසි” Diya.(2018).Sinhala.Subtitle.rar – Downloaded 828 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram