More

    Expend4bles (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Expend4bles (2023) Sinhala Subtitle

     

    Expend4bles (2023) චිත්‍රපටිය කියන්නේ මෑතකදී නිකුත් කෙරෙණු තවත් එක් ක්‍රියාදාම චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක හතරවෙනි එක. කලින් ඒවා බලපු අය දන්නවා ඇති, The Expendables (2010), The Expendables 2 (2012), The Exoendables 3 (2014) එලි දැක්වුණා. දැන් අවුරුදු නමයකට පස්සේ, හතරවෙනි කොටස නිකුත් කරන්නේ. කොවිඩ් වගේ විවිධ බාධක නිසා කල්දැමුණු චිත්‍රපටිය, අවසානයේදී මේ අවුරුද්දේ නිකුත් කලේ, චීනයේදී.

    මෑත කාලයේ චිත්‍රපටි ගත්තාම, ගොඩාක් තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවානේ. පසුතල නිර්මාණ සහ සටන් නිර්මාණ වලදී අළුත් තාක්ෂණය යොදාගෙන, ගොඩාක් තාත්වික විදියට කරන්න, අළුත් අධ්‍යක්ෂකවරුන් යොමුවෙනවා. හැබැයි, මේ චිත්‍රපටියේ යොදාගෙන තියෙන graphic designs  VFX ගැන වැඩි දෙනෙක්ගේ තියෙන්නේ නොපැහැදීමක්. මීට වඩා දෙයක් කරන්න තිබ්බා කියලා තමයි වැඩි දෙනාගේ මතය. මේ තරම් සිනමාවේ දැවැන්තයන් එක්ක කරණ නිර්මාණයක්, මෙහෙම විය යුතු නැති බව තමයි කියවෙන්නේ.

    මේ හතරවෙනි කතාව දිවෙන්නේ ලිබියාවේදී සිදුවෙන ආයුධ මංකොල්ලයක් එක්ක. මේ මෙහෙයුම සඳහා අපේ කණ්ඩායම යවනවා. හැබැයි, ඒ මෙහෙයුමේදී කවුරුවත් බලාපොරොත්තු නොවන දෙයක් සිද්ධ වෙනවා. මේක සියළු දෙනාගේ අනාගතයට කෙලින්ම බලපාන දෙයක්. ඒ මෙහෙයුමෙන් පස්සේ කරන දෙවෙනි මෙහෙයුමත් ඒකටම සම්බන්ධ බව තේරෙන්නේ ගොඩාක් පස්සේ. මේ දේවල් වෙන්නේ කොහොමද කියලා බලන්න, ඔයාලාටත් ආරාධනා කරනවා.

    කවුරු මොන දේ කිව්වාත්, චිත්‍රපටිය එක දිගට බලන්න පුළුවන් එකක්. වෙලාව ගතවෙනවා දැනෙන්නේවත් නෑ. කතා කරන වචන ටිකක් සැර පරුෂයි, මම ඒවා පුළුවන් තරම් හොඳ වචනයෙන් ලිව්වා, ඒත් ඇහෙනවානේ…. අනිත් එක, මෙයාලා කොහොමහරි ඉලක්ක කරගත්ත ආදායම ලබාගෙන තියෙනවා. මේ වෙනකොටත් ඩොලර් මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් උපයගෙන තියෙනවා කියලා තමයි ආදායම් වාර්ථා වල තියෙන්නේ.

    මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂක Scott Waugh විසින්. David Callaham ගේ සිතේ ඇඳුණු චරිත පදනම් කරගෙන තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Jason Statham (ලී ක්‍රිස්මස්), Sylvester Stallone (බානි රොස්), Curtis “50 Cent” Jackson (ඊසි ඩේ), Megan Fox (ජීනා) ඇතුළු පිරිසක්.

    එහෙනම්, සුපුරුදු පරිදි, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල හොඳ නරක, ගුණ දොස්, වැරදි අඩුපාඩු අපිට කියන්න. කට්ටියටම ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Expend4bles (2023) සිංහල උපසිරැසි” Expend4bles.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4948 times – 778 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram