More

    Fatman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Fatman (2020) කියන්නේ නත්තලට ගහපු නත්තල් චිත්‍රපටියක්. නත්තලට ගොඩාක් කලින් නත්තල් චිත්‍රපටියක් නිකුත් කෙරුනාම පුදුමත් හිතුනා. හැබැයි, මේක බැලුවාම තමයි තේරෙන්නේ, මේක නත්තලට එහා ගිය ලස්සන කතාවක් කියලා. කොයි වෙලාවකවත් මේක ක්‍රිස්තියානි කතාවක් වෙන්නේ නෑ. හරිම ලස්සන ත්‍රාසජනක කතාවක්.

    මේ කතාවේ ප්‍රධාන නළුවාට අරගෙන තියෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පී Mel Gibson. නත්තල් සීයාගේ චරිතය මාර ලස්සනට නිරූපණය කරන්න මෙයාට හැකිවෙලා තියෙනවා. ඒ වගේමයි මිනීමරුවාගේ චරිතය නිරූපණය කරන Walton Goggins. සුපිරි රංගනයක්. මේ අයට රංගනයෙන් සහයෝගය දක්වනවා Marianne Jean-Baptiste, Chance Hurstfield ඇතුළු පිරිසක්. මේ කතාව ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eshom Nelms, Ian Nelms දෙන්නා එකතු වෙලා. හොඳට වැඩේ කරලා තියෙනවා.

    දැන් ratings ගැන බැලුවොත්, මේ වෙනකොට ලබාගෙන තියෙන්‌නේ IMDB 6.0, Rotten Tomatoes 45%, Metacritic 40%, Google Users 67% වගේ ප්‍රමාණයක්. හැබැයි මේවා වැඩිවෙයි කියලා හිතෙනවා.

    කතාව දිවෙන්නේ, තෑගි දෙන්න තරම් සුදුසු හොඳ කල්ක්‍රියාවෙන් ඉන්න දරුවන් අඩුවීම නිසා, නත්තල් සීයා බංකොලොත් වෙන්න හදන්නේ. ඒ අතරේ, බිලී නැමැති පොඩි දරුවෙක්, නත්තල් සීයාව මරන්න කෙනෙකුට කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඒ එයාගේ මේස් එකට තෑගි වෙනුවට, ගල් අගුරු දාලා තිබීම හේතුවෙන්. නත්තල් සීයා තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඒ අතරේ එයාව මරන්න එන කෙනාගෙන් බේරෙන්නේ කොහොමද? මිනීමරුවා, කොහොමද නත්තල් සීයා ඉන්න තැන හොයාගන්නේ? මේවා තමයි චිත්‍රපටියේ හොඳම කොටස්.සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Fatman (2020) සිංහල උපසිරැසි” Fatman.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2051 times – 27 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram