spot_img

Forgotten (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ කොරියන් චිත්‍ර‍පටියක් අරන් ආවා. අන්තිමට මං කොරියන් චිත්‍ර‍පටියකට දුන්නේ Pandora (2016) චිත්‍ර‍පටියනේ. ඒ චිත්‍ර‍පටිය වගේම මේ චිත්‍ර‍පටියත් අපේ ඇඩ්මින්ම තමයි මට තෝරලා දුන්නේ. . මේකත් හොද ත්‍රීලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක්… මේකේ ඉන්න නළු නිලියන් ගැන නම් මං කියන්නේ නැහැ ඒ මොකද මුලින්ම මං ඒ අයව වැඩිය දන්නෙත් නැහැ අනික ඒ අයගේ නම් දාලා ඔයාලා කියවන්න ගිහින් හක්ක පන්න ගන්න ඉඩ තියනවා . ඒක නිසා කෙලින්ම කතාව මේ විදියට කියන්නම්…. ඔයාට දවසක හිතුනොත් මොකද වෙන්නේ ඔයාගේ මුළු ජිවිතේම ඒ කියන්නේ ඔයාගේ වටේ ඉන්න හැමෝම කරන්නේ බොරුවක් කියලා… ඔයාගේ අම්මා වගේ ඉන්න කෙනා අම්මා නෙමෙයි… තාත්තා වගේ ඉන්න කෙනා තාත්තා නෙමෙයි… අඩුම ගානේ සහෝදරයා කියලා ඉන්න කෙනාත් ඒ හැබැකෙනාම නෙමෙයි කියලා. හැබැයි ඔයාට මතක පුරුදු ඒ අයම තමයි. හැබැයි ඒ ඉන්න අය හැබැවටම ඒ අය නෙමෙයි නම් ඔයා මොනාද කරන්නේ? ඒ හැම කෙනෙක්ටම ඔයා නොදන්න ජිවිතේ පැතිකඩක් තිබ්බොත්… ඒ විතරක් නෙමෙයි ඔයා ඔයා කියලා හිතාගෙන හිටපු කෙනාත් ඔයා නෙමෙයි නම්… ඔයා දැකලා තියෙන්නෙත් ඔයා කියලා බොරුවක් නම් මොකද වෙන්නේ? පැටලෙනවා නේද? මේ කතාවේ ප්‍ර‍ධාන චරිතයටත් උනේ ඕකම තමයි. එයාගේ ජිවිතේ එක රැයකින් අවුල් වෙන්න ගන්නවා කවදාවත් හදාගන්න බැරි වෙන තරමටම. ඒ අවුල මොකක්ද කියලා බලන වඟකිම එන්නේ ඔයාට තමයි. හොද ත්‍රීලර් චිත්‍ර‍පටියක් කියලා මං කිව්වා නේ. විනාඩියෙන් විනාඩිය කුතුහලයත් එක්ක බලන්න පුලුවන් වේවි….මේකත් NETFLIX ආයතනය වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. ඒ නිසා වෙබ් රිප් එකකින් ඔයාලට සැනසෙන්න වෙනවා. මොකද බ්ලුරේ එන්නේ නැති නිසා. මේක අරන් බලන්න එහෙනම් මං ගිහින් එන්නම්…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram