spot_img
spot_img

Freelance (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Freelance (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් තවත් ඉංග්‍රිසි චිත්‍රපටියකට උපසිරැසි අරන් ආවේ. මේක තාම බලන්න සෙට් උනේ නැත්නම් අරන් බලන්න කොමඩි ඇක්ෂන් දෙකම බැලැන්ස් එකේ තියනවා. බැනර් එක දැක්කාම පේනවානේ කවුද ඉන්නේ කියලා John Cena එක්ක Alison Brie මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම මේසන් පැටිටස් කියන්නේ කලින් හමුදාවේ ඉදලා අයින් වෙලා ඉන්න කෙනෙක්. මොහුට මෙහෙම අයින් වෙන්න හේතු වෙන්නේ මෙයාලා යන මෙහෙයුමකදි සිදුවෙන අනතුරකින්. කොහොම හරි කාලය ගත වෙලා යනවා මේසන් නිතිඥයෙක් විදියට වැඩ කරගෙන ගියාත් ඔහු හිතපු ජිවිතය නෙමෙයි මේක. මේ අතරදි තමයි මේසන්ගේ හමුදා කාලේ යාළුවෙක් උන සෙබස්තියන් එන්නේ. ඔහු එන්නේ මේසන්ට යෝජනාවක් අරන්. වෙලින්ටන් කියන මාධ්‍ය වේදිනිය විසින් පැල්ඩොනියාවේ ජනාධිපතිගේ සම්මුඛ සාකච්චාවක් ගන්න යනවා ඇයගේ ආරක්ෂාවට යන්න පුලුවන්ද අහන්න. ඇය යන මේ පැල්ඩොනියාව නොයෙක් යුධ ඇවිලි තියන රාජ්‍යක්. ඒ වගේම මේසන්ට අර අනතුර සිද්ධවෙන්නෙත් පැල්ඩෝනියාවේ මෙහෙයුමකට ගිය වෙලාවේදියි. මේසන් මුලින් අකමැති උනත් පස්සේ මේ ගමන යන්න කැමැති වෙනවා. ඒකට හේතුවක් තියනවා. ඒකත් චිත්‍රපටිය බලලාම දැනගන්න පුලුවන්. කොහොම හරි පැල්ඩොනියාවට ගොඩ බැස්ස ගමන්ම මොවුන්ගේ රථ පෙලට ප්‍රහාරයක් සිද්ධ වෙනවා. එතැනින් එහාට මේසන් එක්ක වෙලින්ටන්ට මුහුණ දෙන්න වෙන සිදුවිම් ටික තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා හැමෝටම සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති වෙබ් හා බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Freelance (2023) සිංහල උපසිරැසි” Freelance.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2736 times – 973 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram