spot_img

Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

GIRL (2020) හරිම වෙනස් විදියේ කතාවක්. හොඳ තත්වයේ නිෂ්පාදිත චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එක දිගට ගලාගෙන යන කතා තේමාවක් වීම නිසා, මේක ජනප්‍රිය වෙයි කියලා විශ්වාසයි.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chad Faust විසින්. තිර රචනයත් එයාම ලියලා තමයි මේක කරලා තියෙන්නේ. චිත්‍රපටියට නළු නිලියන් තොරා ගැනීමත් හරිම වෙනස්. ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ ටිකක් දඩබ්බර පෙනුමක් තියෙන නිළියක්ව. Bella Thorne තමයි ඒ. තරුණ නිළියක් වුනාට, මේ වෙනකොට චිත්‍රපටි 50කට ආසන්න ප්‍රමාණයක් රගපාලා තියෙනවා. ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Mickey Rourke, Chad Faust සහ Lanette Ware. අධ්‍යක්ෂණය සහ එක ප්‍රධාන චරිතයක් කිරිමත් ලේසි වැඩක් නෙමෙයිනේ.

Ratings ගැන හොයලා බැලුවොත්, IMDB 4.8, Rotten Tomatoes 64%, Google Users 77% වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා.

කතාව ගැන පොඩියෙන් කිව්වොත්, අපේ ප්‍රධාන නිලිය, චරිතය, යනවා එයාගේ තාත්තාව හොයාගෙන. මේ යන්නේ ආදරය නිසාවත්, තාත්තාව බලන්න හිතිලාවත් නෙමෙයි. තාත්තාව මරන්න හිතාගෙන. පොඩි කාලේ හිටපු ගමේ තාමත් ජීවත් වෙන තාත්තාව හොයාගෙන මෙයා යන්නේ අවුරුදු 15කට විතර පස්සේ. උපන් නගරයට ගිහින් කොහොමහරි තාත්තා ඉන්න තැන හොයාගන්න මේ කෙල්ලට හැකිවෙනවා. හැබැයි, තාත්තාව මරන්න යන මෙයාට ගෙදරදී දකින්න ලැබෙන්නේ නොසිතූ දෙයක්. තාත්තාව මරන්න යන ගමනේ දී හොයාගන්න ලැබෙන්නේ එයාගේ ජීවිතේ නොදැන හිටපු රහස් තොගයක්. මේවා ගැන දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram