spot_img

Gold (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදටත් ලොව අංක එකේ හොකී ශූරයන් ලෙස වැජඹෙන භාරතය විසින්, එදා 1948 දී බ්‍රිතාන්‍ය පාලනය සමයෙන් නිදහස ලැබූ ස්වෛරී රාජ්‍යයක් ලෙසින් සිය ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනාගත් සැබෑම කතන්දරය ආශ්‍රිතව අපූරුවට නිර්මාණය කර තිබුනු චිත්‍රපටයක්. සුන්දර සහ අසුන්දර ඉතිහාස කතන්දර රැසක සම්මිශ්‍රණයෙන් නිර්මාණකරුවා විසින් මෙසේ ගොඩනගා ඇති සියල්ල Entertaining value එකට යටත්ව උපරිමයෙන්ම විඳගන්නට හැකි අතර මෙය biopic එකක් ලෙසින් වරදවා වටහාගත යුතු නැහැ. චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නේ එදා 1933-1948 වකවානුව තුළ සැබෑවටම භාරතයේ ජන සමාජ තත්ත්වය සහ හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදු වූ පෙරළිකාර සිදුවීම් පෙළක් සම්බන්ධවයි. මෙතනදී නිර්මාණකරුවා විසින් කතන්දරය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ අතිශය ආකර්ශනීය Storytelling රටාවකින්. හොකී ක්‍රීඩාව වෙනුවෙන් සහ රටේ අහිමානය වෙනුවෙන් පමණක්ම දිවිහිමියෙන් කැපවන ශූර බෙංගාලියෙකුගේ කතන්දරයක් ලෙසින් තවත් විශිෂ්ටතම “ආක්ෂේ කුමාර් චිත්‍රපට අත්දැකීමක්” ලබන්නට හැකියි. ටොයිලට්, පෑඩ්මෑන් සහ ගෝල්ඩ් කියන්නෙ හරියට තුන් ඈඳුනු වීර චාරිකාවක් කියල වඩාත්ම තදින් දැනවෙන පරිදි ප්‍රභල රංගන අනන්‍යතාවකට හිමිකම් කියන ආක්ෂේ හැරෙන්නට වෙනත් සුදුස්සෙක් බොලිවුඩයට තවත් නැති තරම් කියන හැඟීම නම් අනිවාර්යයෙන්ම දැනේවි. තමන් ඉදිරියේ අහස උසට ගොඩනැගෙන අභියෝගයන් එකිනෙක ජයගැනීම උදෙසා එකම අධිෂ්ඨානයකින් ඒ වෙනුවෙන්ම කැප වෙන්නට වෙර දරන මිනිසෙකුගේ “දැඟලිල්ල”, ආක්ෂේට තරම් තාත්විකව සහ Emotionally හදවතට කාවදිනාකාරයෙන් ඉදිරිපත් කරන්නට වෙනත් කිසිදු රංගන ශිල්පියෙකුට නොහැකි බව යලිඳු පසක් කරවන රංගනයක් මෙහිදී දකින්නට හැකියි. හැබැයි විමසිලිමත්ව බැලුවොත් එම රංගනයන් ත්‍රිත්වය තුළදීම ඔහුගේ රංගන ශෛලිය නම් එකක්. සෑම අංග චලනයක්ම සහ හැඟීම් ප්‍රකාශනයක්ම සමයි. නමුත් ඔහු විසින් ප්‍රේක්ෂකයාගේ හදවත් වලට ආමන්ත්‍රණය කරනා අන්දම එකින් එකට වඩ වඩාත් ශක්තිමත්. Gold හි වඩාත්ම සාර්ථක ඉසව්ව වෙන්නෙ එයයි.

අනෙක් පැත්තෙන් සැබෑ ඉතිහාසගත සංසිද්දීන් වශයෙන් හොකී ක්‍රීඩාවට අමතරව කාල වකවානුව සම්බන්ධයෙන් තවත් බොහෝ දෑ දකින්නට හැකියි. විශේෂයෙන්ම භාරතයෙන් පාකිස්තානය බෙදී වෙන්කරලීමේ අමිහිරි ප්‍රතිඵලයන්හි අඳුරු මතකයන් තදින් දැනවෙන්නට ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ අසීරුවෙන් එක්‍ රැස් කරගත් ජාතික හොකී කණ්ඩායමට අත්වෙන දුක්බර ඉරණම වගේම ඉන් එහා සමස්ත සමාජ තළයම මුහුණ පෑ බොහෝමයක් ගැටුම්කාරී වාතාවරණයන් වල අතීතාවර්ජනයන් දකින්නට හැකියි.

ක්‍රීඩාමය වශයෙන් එකතු කර තිබුනු අගය බොහෝ ඉහළයි. අද ලොව අංක එක වුවත් එදා ජාතික කණ්ඩායමක් පිහුටුවාගෙන, නඩත්තු කරගෙන ඔලිම්පික් පදක්කමක් කරා මෙහෙයවාගෙන යාම මොන තරම් අසීරු අභියෝගයක්ද කියන එක මැනවින් පෙන්වා දී තිබුනා. ඒ වගේම වෙනත් දේශයකදී ස්වදේශයේ ජාතික කොඩිය සහ ජාතික ගීය අභිමානවත්ව විරාජමාන වීම ක්‍රීඩකයෙකුට තම ජීවිතයේදී ලබන්නට හැකි ඉහළම ආත්මාභිමානය ලෙසින් ප්‍රේක්ෂකයාටද ඉහළින්ම දැනෙනු ඇති.

තරඟාවසානය ජයග්‍රහණයකින් නිමා වීමක් බව හොඳින්ම දන්නවා වුනත් උපරිම කුතුහලයකින් සියලුම තරඟ ඉසව් දිහා ඇසිපිය නොහෙළා බලා හිඳින්නට හැකි ආකාරයේ Choreography acts වලින් සමන්විතයි. ඊට ආදේශ කරගත් සියලුම රංගනයන් ඉතා සාර්ථකයි. විශේෂයෙන්ම මෑතකදී ලංකාවේ බොහෝ කතාබහට ලක්වූ “ශිවන්‍යා” හෙවත් ටෙලි රංගන ශිල්පිනී Mouni Roy ගේ ප්‍රථම බොලිවුඩ් ආගමනය අතිශය සුන්දරයි. චිත්‍රපටය කැපී පෙනෙන අමතර අලංකාරයක් සපයන්නට ඇයට හැකි වී තිබුනා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram