spot_img

Hidden Strike (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hidden Strike (2023) Sinhala Subtitle

 

මහාචාර්ය චෙන්ග් සහ ඇයගේ කණ්ඩායම, කාන්තාරයක තෙල් පිරිපහදුවක් පාලනය කරමින් ඉන්නේ. මේ තෙල් පිරිපහදුවෙන් බොරතෙල් විශාල ප්‍රමාණයක් නිස්සාරණය කෙරෙනවා. ඒ් නිසාම, කැරලිකාර කණ්ඩායමක්, මේ පිරිපහදුව අල්ලාගන්න ආක්‍රමණ සහ ප්‍රහාර දියත් කරනවා. මේ නිසා, මහාචාර්ය චෙන්ග් ඇතුළු කණ්ඩායම, පිරිපහදුවේ හිරවෙලා ඉන්නේ. මෙයාලාව බේරගන්න ඉදිරිපත් වෙන්‌නේ චීන ජාතික විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්. මේ කණ්ඩායම මෙහෙයවන්නේ “මකර ලූ” (ඩැගන් ලූ) නම් ලද අති දක්ෂ නියෝජිතයෙක් විසින්. ගලවා ගැනීමේ කණ්ඩායමට තියෙන රාජකාරිය තමයි, මේ පිරිපහදුවේ සේවක මණ්ඩලය, සාමකාමී ප්‍රදේශයක් ලෙස නම් කරලා තියෙන, කොළ ප්‍රදේශයට රැගෙන යාම. මේ රාජකාරිය කරන්න අපේ මේ විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමට හැකිවේවිද? පිරිපහදුවට ප්‍රහාර එල්ල කරන්නේ කවුද? ඇයි?

මම මේ කියන්නේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු, ප්‍රේක්ෂක අවධානය ඉතා අඩුවෙන් යොමුවුණු ක්‍රියාදාම චිත්‍රපටියක් ගැන. මේ Hidden Strike (2023) චිත්‍රපටිය. වෙනස් ආකාරයේ කතා තේමාවක් යොදාගෙන, සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටියක් ලෙස නිර්මාණය වුණු නිසාමදෝ, මේ චිත්‍රපටියේ වෙබ් රේටිං තරමක් අඩු මට්ටමක තියෙන්නේ. හැබැයි, ආසාවෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටියක් කියලා නම් කියන්න පුළුවන්.

Scott Waugh විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් මේ. Arash Amel තමයි තිර රචනය කරලා තියෙන්නේ. බාගයක් විතරම තියෙන්නේ චීන භාෂාවෙන් කතා කරන කොටස්. ඒ් අතරේ ප්‍රංශ, අරාබි භාෂාත් තියෙනවා. ඒ විදියට බලනකොට, භාෂා හතරක් කතා කරන චිත්‍රපටියක් මේ. රඟපෑමෙන් දායක වෙනවා, අපි කා අතරත් ඉතා ජනප්‍රිය අය. Jackie Chan (මකර ලූ), John Cena (ක්‍රිස්), Chunrui Ma (මේයි), Wenli Jiang (මහචාර්ය චෙන්ග්) ඇතුළු පිරිසක් තමයි රඟපෑමෙන් දායක වෙන්නේ.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය හැදුවේ ඔයාලාට චිත්‍රපටිය හොඳින් තේරුම් අරගෙන රස විඳින්න. ඒ අතරේ, මේ උපසිරැසි වල ගුණ දොස්, හොඳ නරක, වැරදි අඩුපාඩු පුළුවන් අය අපිට කියන්න. අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න ඒ මගින් පුළුවන් වේවි. කට්ටියටම ජයවේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram