spot_img
spot_img
More

    Hotel Mumbai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදින් හරියටම මාස දෙකකට පෙර උදාවූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දිනය ශ්‍රී ලාංකීය ජනතාවට කිසිදාවත් අමතක කළ නොහැකි අමිහිරිතම සහ භිහිසුණුම මතකයන් එක් කළ දිනයක්. අන්තවාදී මුස්ලීම් ත්‍රස්ත සංවිධානයක් විසින් ලංකාවේ ප්‍රදේශ කිහිපයක කතෝලික දේවස්තාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කලේ 250කට අධික පිරිසකට දිවි අහිමි කරමින් සහ 500කට අධික පිරිසක් තුවාළ කරමින්. සිහිපත් කරද්දී පවා ඇඟ කිළිපොලා යන අන්දමේ තැතිගැන්මක් ඇතිවන එවැනිම ආකාරයේ භිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයන් මාලාවකට ඉන්දියාවත් මුහුණ දුන්නා මීට වසර 11ට පමණ ඉහතදී.

    2008 නොවැම්බර් 26 වන දින ඉන්දියානු ඉතිහාසයම උඩු යටිකුරු කළ දිනයක් බවට පත් වුනේ ඉන්දියාවේ මුම්බායි නගරවාසීන්ට අති භිහිසුණු අත්දැකීම් සමුදායකට මුහුණ දීමට සිදු කරමින්. මුම්බායි නගරයට ඇතුළු වූ පාකිස්තානයේ රැකවරණය යටතේ ක්‍රියාත්මක වන ලෂ්කර් – ඊ – තායිබා නම් මුස්ලීම් ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් 10 දෙනෙකු නගරයේ ස්ථාන කිහිපයක වෙඩි තැබීම් සහ බොම්බ පිපිරවීම් සිදු කළා. මුම්බායි නගරයම එකම යුද පිටියක් බවට පත් කරමින් 26 වන දින ඇරඹි එම ප්‍රහාර මාලාව දින 29 වන දක්වා ඇදී ගියා. නගර වාසීන්ට නපුරු සිහිනයක් බඳු වූ එම තෙදින තුළදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් 174 දෙනෙකු මිය ගොස් 300කට වැඩි පිරිසක් තුවාළ ලැබුවා. පසුව ඉන්දීය ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ Black Tornado නම් මෙහෙයුම හරහා ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් දස දෙනාගෙන් නව දෙනෙකු මරා දැමුණු අතර අජ්මාල් කසාබ් නම් ත්‍රස්ත සාමාජිකායා පමණක් අත්තඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහුවද ඉන්දීය රජය මගින් 2012 වර්ෂයේදී එල්ලා මරා දමනු ලැබුවා.

    26/11 ප්‍රහාරය නමින් හැඳින්වෙන එම භිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය අලලා The Attacks of 26/11 නමින් බොලිවුඩ් චිත්‍රපටයක් 2013 වර්ෂයේදී තිරගත වුනා. ඒ වගේම 26/11 ප්‍රහාර‍යෙන් වසර 7කට පසුව ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ක්‍රියාත්මක කරන රහස් මෙහෙයුමක් ගැන කියවෙන ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය වුනා 2015 වර්ෂයේදී Phantom නමින්. ඒ අනුව 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය අලලා නිර්මාණය වුනු තෙවන චිත්‍රපටය හැටියට Hotel Mumbai චිත්‍රපටය සළකන්නට පුලුවන්.

    මුම්බායි නගරයේ පිහිටි Leopold Café, Chhatrapati Shivaji Maharaj Terminus, The Taj Mahal Palace Hotel, Oberoi Trident, Cama Hospital කියන ජනාකීර්ණ ස්ථාන ප්‍රධාන වශයෙන් එම ප්‍රහාරයේදී ඉලක්ක වුනා. එයින් තරු පහේ අධි සුපෝඛභෝගී හෝටලයක් වන ටාජ් මහල් පැලස් හෝටලයට එල්ලවුනු ප්‍රහාරයයි මෙම චිත්‍රපටයට පසුබිම් වෙන්නේ.

    ඉන්දියානු, ඕස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු සම නිෂ්පාදනයක්වන මෙම චිත්‍රපටය Drama, History, Thriller යන වර්ගීකරණයන්ට අයත්. 7.8/10ක IMDB දර්ශකයක් හිමිකරගත් Hotel Mumbai චිත්‍රපටය Anthony Marasගේ අධ්‍යක්ෂණයක්. Slumdog Millionaire චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිශ්ඨව පසුව Chappie, Lion වැනි අතිෂය ජනප්‍රිය චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුනු දේව් පටේල් සමගින් අනුපම් කේර්, විපින් ෂර්මා වැනි තවත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් ගණනාවක් මෙම චිත්‍රපටයට දායක වී තිබෙනවා.

    අනුකම්පා විරහිතව හතර අතට වෙඩි තබමින් අමු අමුවේ මිනිසුන් මරා දමන මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ කෘරත්වයත් තම දිවි දෙවනිකොට අනෙකාගේ ජීවිතය බේරාගැනීමට කැපවෙන හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ මනුෂ්‍යයත්වයත් අතර දෝලනයවන Hotel Mumbai චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්. ඉතාම මෑත කාලයේ නොසිතූවීරූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවකට මැදිව දින ගණනාවක් පුරාවට ගිණිගත් සිතින් යුතුව දෙගිඩියාවෙන් දිවි ගෙවූ නිසාවෙනුත් තවමත් ඒ බියකරු මතකයන් හිත පුරා හොල්මන් කරන නිසාවෙනුත් ලාංකේය සිනමා ප්‍රේක්ෂක ඔබට මෙම චිත්‍රපටය වැඩිපුර සිතට දැනෙනු ඇති බව සහතික වශයෙන්ම කියන්නට පුලුවන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Hotel.Mumbai.2018.Sinhala.Subtitle.rar – Downloaded 2356 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram