spot_img

I S S (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

I S S (2023) Sinhala Subtitle

 

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ, රුසියාව සහ ඇමරිකාව තමන්ගේ ගගනගාමීන් එකතු කරගෙන හදපු චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව එක විදියකට ක්‍රියාත්මක ‍‍වෙන්නේ පර්යේෂණ මධ්‍යස්ථානයක් විදියට, තව විදියකට චන්ද්‍රිකා අතර සම්පත් හුවමාරුව හෝ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා. මේ මධ්‍යස්ථානයේ අයිතිය තියෙන්නේ රටවල් දෙකට එක හා සමානව තියෙනවා. ඒ වගේ ම, රටවල් දෙකේ සාමාජිකයන් සමාන ප්‍රමාණයක් තමයි ඒකේ ඉන්නේ. හැමදේම කරලා තියෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ වැදගත්කම රටවල් දෙක ම හොඳින් ම දන්න නිසා.

රුසියාව සහ ඇමරිකාව අතර යුද්ධයක් ඇතිවුනොත්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මොකක් වෙයි ද? ඒකේ ජීවත් වෙන, රස්සාව කරන අයට මොකක් වෙයි ද? එයාලා එහෙම යුද්ධයකට දක්වන ප්‍රතිචාරය මොකක් වෙයි ද? මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ ඒ සිදුවීම. වෙනස් විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් චිත්‍රපටියක් මේක. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අය ජීවත් වෙන විදිය ගැන දකින්න පුළුවන් කතාව‍ක් මේ.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gabriela Cowperthwaite විසින්. මේක Nick Shafir ගේ සිතේ ඇඳුණු කතාවක්. කාලයක් මේ කතාව තහනම් කරලා තිබ්බා, සිදු ‍නො‍‍වෙන නමුත් සිදු විය හැකි සිදුවීමක් පදනම් කර‍ගෙන තියෙන නිසා. LD Entertainment විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, Bleecker Street ආයතනය විසින් ලොව පුරා බෙදා හැරියා. රඟපෑමෙන් දායක වුනා, Ariana DeBose (කීරා ෆොස්ටර්), Chris Messina (ගෝඩන්), John Gallagher Jr. (ක්‍රිස්ටියන්), Masha Mashkova (වෙරෝනිකා) ඇතුළු පිරිසක්.

එ‍හෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, උපසිරැසිය ගැන ගුණ දොස්, ගල් මල්, වැරදි අඩුපාඩු, හොඳ නරක අපිට කියන්න. හැමෝටම ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. English si-fi movies ටිකකට හොදට seeds තියන torrent ටිකකට සබ් ටිකක් දෙන්නකො yts.mx එකේ තියනවා හොද කොලිටි ටොරන්ට් ඒවායින් එකකට දෙන්න ආසයි බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram