spot_img

Justice League (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොමික් රසිකයන් වගේම ගොඩක් චිත්‍රපට රසිකයන් එනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. Batman vs superman, suicide squad චිත්‍රපට වලට පස්සේ ඩීසී කොමික් ගැන බලාපොරොත්තු ටිකක් කඩවෙලා තිබුණු රසිකයන්ගේ බලාපොරොත්තු වැඩි කරමින් Wonder woman චිත්‍රපටය හිතුවටත් වඩා සාර්ථක වුණා. ඊට පස්සේ හැමෝම ඇඟිලි ගැන ගැන හිටියේ Justice League එහෙම නැත්නම් මේ චිත්‍රපටය එනකන්. ඒත් හිතුව තරමට මෙයත් සාර්ථක වුණේ නැහැ. සැක් ස්නයිඩර්ගේ දුවගේ වියෝවත් එක්ක ඔහුට මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත්වෙන්න වුණු එක එයට ගොඩක් බලපෑවා. මොකද සැක් ස්නයිඩර් මෙය නිර්මාණය කරලා තිබුණේ පැය දෙකයි විනාඩි පනහක චිත්‍රපටයක් විදියට. ඒත් ඔහුගේ ඉවත් වීමත් එක්ක WB එකෙන් Joss Whedon අධ්‍යක්ෂණය සඳහා අරගෙන මාස 3ක කාලයක් නැවත පටිගත කිරීම් කරලා සැක් ස්නයිඩර්ගේ චිත්‍රපටයේ කොටස් ගොඩක් අඩු කරලා පැය එකයි විනාඩි 50ක චිත්‍රපටයක් විදියට තමයි මෙය නිර්මාණය කරේ. සැක් ස්නයිඩර් සහ Joss Whedon දෙන්නා නිර්මාණය කරපු තැන් හොඳටම වෙනම කැපිලා පේනවා ඒ දෙන්නගේ චිත්‍රපටි වල රසිකයන්ට නම්. ලොකු වියදමක් කරලා කරපු චිත්‍රපටියක් විදියට මේකෙ computer graphic, VFX ටිකක් මදි කියලා තමයි පේන්නේ. විශේෂයෙන්ම මෑතදී කළ පටිගත කිරීම් වලට කාලය මදිවීම ඒකට ගොඩක්හේතුවෙන්න ඇති. සරලවම කියනවා නම් හොඳ චිත්‍රපටියක් WB එකෙන් කෑවා කිව්වොත් හරි. කොහොම වුනත් මේ චිත්‍රපටය Batman vs superman, suicide squad චිත්‍රපට දෙකට වඩා නම් ගොඩක් හොඳයි කියලා මම හිතන්නේ. කොහොම වුනත් හිතුව තරමෙ ආදායමක් මෙමගින් ලැබුණේ නැති හින්දා WB එකේ ඩීසී කොමික් පැත්තේ වැඩ කර අයගේ පුටුත් මාරු වුණා. සමස්තයක් විදියට මේකේ චරිත තමයි වඩාත් වැදගත් වෙන්නේ මොකද ඉස්සරහට මෙයාලගේ තනි චිත්‍රපට එන හින්දා. Ezra Miller ෆ්ලෑෂ් විදියට හැමෝගෙම සිත් දිනාගන්නවා. Wonder woman විදියට Gal Gadot කොහොමත් ප්‍රේක්ශක හදවත් දිනාගෙන අවසන්. Jason Momoa ආකමෑන් විදියට හොඳට රඟපානවා. ඒවගේම Wonder woman චිත්‍රපටයේදී තමයි එයාලට අදහසක් ආවෙ ප්‍රේක්ෂකයන් ඇත්තටම කැමති මොනවගේ දේකටද කියලා. ඒත් ඒ වෙද්දිත් Justice League එක වෙනස් කරන්න ප්‍රමාද වැඩියි එකේ රූගත කිරීම් 90%ක් විතර ඉවර කරලා තිබුණු හින්දා. ඉතින් මේ කාරණා එක්ක බැලුවම ඉස්සරහට එන ආකමෑන්, ෆ්ලෑෂ් පොයිට් සහ වොන්ඩර් වුමන් 2 චිත්‍රපට ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒවගේම flash point චිත්‍රපටයෙන් බෙන් ඇෆ්ලෙක්ස් Batman චරිතයෙන් සමුගන්න ඉහල හැකියාවක් තියනවා. ටිකක් පස්සට තල්ලු වුනත් ඉස්සරහට ඩීසී කොමික් හොඳ චිත්‍රපට ටිකක් අපිට බලාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය තොරතුරු ටික කිව්වෙ ඩීසී චිත්‍රපටි වල අනාගතය ගැන වදවෙන අයට දැනගන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිසල් ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram