spot_img

The Hitmans Bodyguard (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි ටික දවසකට පස්සේ ආපහු ආවෙ.. IMDB 7.1ක අගයක් අරගෙන තියන සුපිරිම ඇක්ෂන් කොමඩියක්… තාමත් තිරගත වෙමින් තියන ෆිලුමක්.. කොහොමහරි එකපාරටම හොඳ කොපි එකක් ආවා වැඩත් එක්ක පරක්කු වුණා ටිකක්.. ප්‍රධාන නළුවන් දෙපල කවුරුත් වගේ අඳුරනවා Ryan Reynolds සහ Samuel L. ඩෙඩ්පූල් සහ නික් ෆියුරි කිව්වම මාවල් රසිකයන්ට මතක්වෙයි. විහිළු සහ සටන් වලින් මුල ඉඳන් අගට යනකන්ම චිත්‍රපටිය පිරිලා තියෙන්නේ. හතුරා විදියට රඟපාන්නේ Gary Oldman පරණ බැට්මෑන් ෆිල්ම් වල ජිම් ගෝඩන් කිව්වම ඩීසි රසිකයන්ට ඔහුව අනිවාරෙන් මතක ඇති. 2017 අගෝස්තු 18 නිකුත් වුණු මෙම චිත්‍රපටය දැනට ඩොලර් මිලියන හැටපහක ආදායමක් ලබාගෙන තියෙනවා.

චිත්‍රපටය තුළ තියන දේවල් මම කියන්නේ නෑ මොකද ගොඩක් අයා ආසාවෙන් බලන්න හිටපු ෆිලුමක්. පෙලඹවීමක් අවශ්‍ය වෙන්නේ නෑ මෙවැනි චිත්‍රපටයක් කෙනෙක්ට බලන්න හිනාවෙන්න පුළුවන් ඇති වෙන්න සුපිරි සටන් ටිකකුත් තියනවා හිට්මෑන් (අති දක්ෂ කුලී ඝාතකයා) සහ ඔහුගේ බොඩිගාර්ඩ් (පුද්ගලික ආරක්ෂකයා) යන්න දෙන්නා ගොඩක් දේවල් වලට එකිනෙකා එක්ක රණ්ඩුවෙලා යන ගමන ගැන චිත්‍රපටියේ තියෙන්නේ. දෙබස් ටික නම් නියමෙට තියනවා. දෙබස් වැඩිහිටියන්ට සුදුසු වුනත් ඒවා අමුවෙන්ම දාන්නේ නැතුව රසයට හානියක් වෙන්න දෙන්නෙත් නැතුව පුළුවන් උපරිම විදියට ඒවට උපසිරස හැදුවා. පොඩි පොඩි සිංදු කෑලි වගේකුත් තිබුණා එවටත් සබ දාලා ඇති. එහෙනං තව උපසිරසකින් හමුවෙනකන් සමුගන්නවා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay / WEB පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිසල් ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram