More

    Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitle

     

    හුඟ දවසකට පස්සෙ ආයෙම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි පැමිණියේ. Veeram 2014 දමිළ චිත්‍රපටයේ අනුවර්තනයක් වන Kisi Ki Bhaai Kisi Ki Jaan කියන චිත්‍රපටයට තමයි එහෙනම් ඔන්න අරගෙන ආවේ.

    Salman Khan, Pooja Hegde, Venkatesh, Bhumika Chawla, Raghav Juyal, Jassie Gill, Siddharth Nigam, Shehnaaz Gill, Tanikella Bharani සහ Jagapathi Babu රංඟනයෙන් දායක වෙන මේ චිත්‍රපටය Action, Comedy, Romance ශාරනයන්ට අයත් වනවා.

    භායිජාන් කියන්නේ මල්ලිලා 3න් දෙනෙක් එක්ක කොළනියක ජීවත් වෙන කෙනෙක්. මෙයාලගෙ ප්‍රතිපත්තිය තමයි කසාදයක් කර නොගන්න එක. ඒත් මල්ලිලා ලොකු මහත් වෙනකොට එයාලා සහකාරියන් හොයාගන්න නිසා, දැන් භායිජාන්ටත් කෙල්ලෙක් පටලවලා දෙන්න තමයි මෙයාලා හදන්නේ.

    ඔහොම හොයනකොට මෙයාලට එක ගැහැනු ළමයෙක්ව හම්බවෙනවා. හැබයි එයා කැමති ශාන්ත ස්වභාවයේ අයට. භායිජාන් කියන්නේ ඉතිං රතිඤ්ඤාවක් වගේ කෙනෙක්. කිසිම ශාන්ත බවක් නෑ. කොහොම හරි අන්තිමේ ගැහැනූ ළමයත් එක්ක ඇයගේ ගමට යන්න පිටත් වෙනවා මේ හැමෝම. ඇය දකුණු ඉන්දියානු තරුණියක්. තෙළුගු භාශාව තමයි කථා කරන්නේ.

    ඉතිං මේ ගමන නිසා, භායිජාන් ඇතුලු මේ දකුණු ඉන්දියානු පවුල අතරට මැර ප්‍රහාර රැසක් එල්ල වෙන්න ගන්නවා. මෙහෙම කවුද පහර දෙන්නේ? ඇයි මරන්න හදන්නේ? මේ පවුල කවුද? ඇත්තටම සංසුන් අයද? මේවා දැනගන්න නම් බලන්නම වෙනවා.

    සල්මන් ඛාන්ගේ කලින් ෆිල්ම් එකට වැඩිය නම් මේක හොඳයි. පොඩ්ඩක් සල්ලුගෙ ඉන්ට්‍රිය තමා ගොන්. ඒවගේම ගීත 08ක් ඇතුළත් වෙනවා. 8ම උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඇත්තටම ගීත ටික ගහපු වෙලේ තව ෆිල්ම් එකක්ම ගහන්න තිබුනා. ඒ තරම් කාලයක් වැය වුනා.

    උපසිරැසිය සින්ක් කරන්න ලහිරු අයියා තමයි උදව් කලේ. ලයින් බයි ලයින් සින්ක් කරන්නත් උන නිසා. ඇත්තටම මට වෙලාවක් නැහැ, සින්ක් කරන්නවත්. ඔහුටත් එහෙනම් ස්තූතියි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Kisi Ka Bhai Kisi Ki Jaan (2023) සිංහල උපසිරැසි” Kisi.Ka.Bhai.Kisi.Ki.Jaan.(2023).Sinhala.Subtitle.rar – Downloaded 7866 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    11 COMMENTS

    1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      Godak kalekin….Aluthma film ekak…
      Puluwan welawata api genath balanna.
      Dennatama Godakma pin….!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram