spot_img

Krampus (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Krampus (2015) Sinhala Subtitle

 

Michael Dougherty විසින් අධ්‍යක්ෂණය කරන ලද Krampus චිත්‍ර‍පටියයි අද අරන් ආවේ. මෙහි ඉන්න ක්‍ර‍ම්පස් චරිතය බාවිතා කරලා චිත්‍ර‍පටි සැහෙන්න නිර්මාණය වෙලා තියනවා. එත් මේක තමයි නිල වශයෙන් නිකුත් වුන චිත්‍ර‍පටිය. මොකද මේකේ ඒ ක්‍ර‍ම්පස් කියන චරිතය ඇයි එන්නේ කියන එකත් පැහැදිලි කරලා දෙනවා.

චිත්‍ර‍පටිය ගැන කියන්නම් කෝ…. මැක්ස් කියන්නේ නත්තල් වගේම නත්තල් සීයාවත් හොදින්ම විස්වාස කරන් ඉන්න ළමයෙක්. මොහු නත්තල් සීයාට ලියුම් පවා ලියනවා නත්තල් ලං වෙද්දි. මැක්ස්ට ඉන්නවා කරදරකාර නැදැයෝ ටිකක්. ඒ නැදැයෝ ටිකේ පොඩි එවුන් වගයක් ඉන්නවා මැක්සට සැහෙන වද දෙන. කොහොම හරි එයාලා නත්තල් ලං වෙන්න මැක්ස් ලාගේ ගෙදර නවතින්න එනවා. එහෙම ඇවිල්ලා මැක්ස්ට විහිළු කරනවා නත්තල් සීයෙක් නැහැ නිකම් බොරුවට ඔවා විශ්වාස කරන් ඉන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි මැක්ස් හොරාට නත්තල් සීයාට යවන්න හදපු ලියුමත් මේ කට්ටිය එකතු වෙලා මැක්ස් ඉස්සරහා හැමෝටම ඇහෙන්න කියවනවා. මේ නිසා මැක්ස්ට ගොඩක් තරහා යනවා. ඔහුට නත්තලුත් එපා වෙනවා. අර නත්තල් සියාට ලියපු ලියමු කැලි යන්න ඉරලා නත්තල් කියලා දවසක් ආවේ නැත්නම් හොදයි කියලා හිතලා මැක්ස් නිදාගන්නවා. මෙහෙම නත්තල් ගැන විශ්වාස නොකරන වගේම නත්තල විහිළුවට ගන්න අයට දඩුවම් කරන කෙනෙක් තමයි ක්‍ර‍ම්පස් කියන්නේ. එදා රෑ මේ පලාතටම ලොකු හිම කුනාටුවක් එනවා… ඒ හිමකුනාටුව මැදින් එන්නේ මේ මැක්ස් වගේම එයාලා පවුලේ අය කවදාවත් නොහිතපු විදියේ කරදරයක්… ෆිල්ම් එක අරන් බලන්නකෝ පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් හොදට බයවෙන්න පුලුවන් හොල්මන් ෆිල්ම් එකක් වගේම මුල ඉදන් අඟට යනකම් කම්මැලි කමක් නැතුවම බලන්න පුලුවන් කියලාත් කියන්න ඔනි.‍

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ස්තුතියි ඉමාෂා…
    මේ දවස් වලන රට වැටිල ඉන්න තැනේ හැටියට, උපසිරැසි දෙන්න හිතන ඒකත් ලොකු දෙයක්… ඒහෙම කට්ටක් කාගෙන මෙහෙම දෙයක් කරන ඒක, ඒ් කට්ටම කන අනෙක් අයට සහනයක්…

  2. ගොඩක්ම ස්තූතියි ඉමාෂා සොයුරිය ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram