More

    Land Of Bad (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Land Of Bad (2024) Sinhala Subtitle

     

    US හමුදාවේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් පිටත්වෙනවා, මුදවා ගැනීමේ මෙහෙයුමකට. ඒ රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු සපයන්නෙක්ව ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අල්ලාගෙන ඇති බවට ලද තොරතුරක් මත ඔහුව බේරා ගැනීමට. මේ මෙහෙයුමට ලොකුම ශක්තිය වෙන්නේ, ඩ්‍රෝන ප්‍රහාරක යානාවක් ආධාරයෙන් අවට නිරීක්ෂණය කරන කණ්ඩායමක්. රීපර් ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන ඒ ඩ්‍රෝන මෙහෙයුම, අවට නිරීක්ෂණය කරමින්, ක්ෂේත්‍ර කණ්ඩායමේ කෙනෙක් සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා, ඉදිරියේ ඉන්න සතුරන් ගැන වගේම, ඉදිරි තත්වය ගැන ඔවුන් දැනුවත් කරමින්.

    හදිස්සියේ සිදුවන සිදුවීමක් නිසා, මේ හැමදේම කණපිට පෙරලෙන්නේ කිසිවෙක් නොසිතූ විදියට. ප්ලේබෝයි, නැත්නම් සාජන් කීනි, තනිවෙන්නේ ඩ්‍රෝන අදහස් හුවමාරුව පමණක් ඉතිරි වෙමින්. අපේ මේ ප්ලේබෝයිට කණ්ඩායමේ අනිත් අයව බේරගන්න පුළුවන් වෙයිද? එයාලාට ඇත්තටම මොකක්ද වෙන්නේ? මුදවාගැනීමේ කණ්ඩායම එක්ක කොහොමද මෙයා කටයුතු කරන්නේ? මේවා තියෙන්නේ අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටියේ.

    William Eubank විසින් අධ්‍යක්ෂණය කරපු David Frigerio විසින් රචනා කරපු චිත්‍රපටියක් තමයි මේ. යුධ වාතාවරණයක් වටා ගෙතුණු කතාවක් නිසා, නිරන්තරයෙන් තියෙන්නේ වෙඩි තියාගන්න, මරාගන්න දේවල්. ඒත්, ඊට යටින්, ජීවිත බේරගන්න කරන අරගලයක් මේ චිත්‍රපටියේ තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Liam Hemsworth (සාජන් කීනී, ප්ලේබෝයි), Russell Crowe (කපිතාන් එඩී, රීපර්), Luke Hemsworth (සාජන් ඒබල්), Ricky Whittle (සාජන් බිෂොප්) ඇතුළු පිරිසක්.

    ඇමරිකාවේ චිත්‍රපටියක් වුනත්, සම්පූර්ණ චිත්‍රපටියම රූගත කරලා තියෙන්නේ ඔ්ස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් වල.

    රඟපාන අයගේ නම් කියවද්දී, පුරුදු වාසගමක් දකින්න ඇති. ඒ Thor ගේ චරිතය කරන Chris Hemsworth. මේ ඒකම වාසගම තියෙන දෙන්නා, ක්‍රිස්ගේ සහෝදරයෝ. ඇත්ත ජීවිතයේ සහෝදරයන් මෙහෙම එකම චිත්‍රපටියක දකින්න ලැබීම, ටිකක් වෙනස් දෙයක්.

    මේ ලිපිය ලියන මොහොත වෙනකොට චිත්‍රපටිය ලබාගෙන තිබ්බ web ratings ගැනත් මතක් කරන්න කැමතියි. IMDb 6.5, Rotten Tomatoes 60%, Metacritic 57%, Google Users 85% අරගෙන තිබ්බා. කොහොමවුනත් චිත්‍රපටිය මේ වෙනකොටත් ඇමරිකානු ඩොලර් මිලියන 18.7කට වැඩි මුදලක් උපයාගෙන අවසානයි.

    එහෙනම් හැමෝම මේ සිංහල උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රසවිඳින්න. උපසිරැසිය ගැන හොඳ නරක, ගල් මල්, වැරදි අඩුපාඩු, යෝජනා චෝදනා අපිට කියන්න. එහෙනම් ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Land Of Bad (2024) සිංහල උපසිරැසි” Land.Of.Bad.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1301 times – 822 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram