More

    Let Him Go (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්.

    ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. Let Him Go නමින්ම ඒ නවකතාව ලියලා තියෙන්නේ Larry Watson. මේ නවකතාව තිර පිටපතක් බවට පත්කරලා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Bezucha විසින්. ඉතා දක්ෂ තිර රචනයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Diane Lane, Kevin Costner, Lesley Manville සහ Kayli Carter ඇතුළු පිරිසක්. රගපෑම්. අධ්‍යක්ෂණය සියල්ල හොඳින් සිදුවෙලා තියෙනවා.Ratings ගැන කියනවා නම්, IMDB 6.7, Rotten Tomatoes 81%, Metacritic 64%, Google users 71% අද වෙනකොට මේකට කැමැත්ත දීලා තියෙනවා.

    කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ගම්බදව ජීවත් වෙන යුවලක් තමන්ගේ මුණුබුරා එක්ක සතුටෙන් ජීවත් වෙනවා. මේ සීයා හිටපු ෂෙරිෆ් කෙනෙක්. ඒත් අවාසනාවට එයාලාගේ පුතා මියයනවා. ලේලි වෙන කෙනෙක් සමග විවාහ වෙලා යනවා. හැබැයි මේ ආච්චිට හොයාගන්න ලැබෙනවා, මේ අළුත් කුඩප්පා, මුණුබුරාට සළකන්නේ නැ කියලා. ඒවගේම මුණුපුරාටත් ගහනවා කියලා. මේ ගැන කතා කරන්න යනකොට, ඒ යුවල ගම අතහැරලා දාලා ගිහින්. ඉතින් මේ ආච්චි සීයා දෙන්නා මුණුබුරා හොයාගෙන යන ගමන තමයි ප්‍රධාන කතාව. මේ ගමනේදී මෙයාලාට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්න බැරි දේවල් වලට. මුණු බුරාගේ අළුත් තාත්තා ගේ පවුල මොනතරම් භයානකද කියලා දැනගන්නේ එහෙට ගියාම. මේ කතාව ගැන දිගටම දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Let Him Go (2020) සිංහල උපසිරැසි” Let.Him.Go.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1448 times – 688 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram