spot_img

Lifeline (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lifeline (2025) Sinhala Subtitle

 

ඇමරිකාවේ තියෙනවා ජීවිත උපකාර දුරකතන සේවාවක්. ඒ කියන්නේ කාටහරි දිවිනසාගන්න හිතුනොත්, ජීවිතේ එපා වුනොත්, එයාලාට කතා කරන්න දුරකතන අංකයක් දීලා තියෙනවා. මේකට උත්තර දෙන්නේ මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥ කෙනෙක්. ගොඩාක් මනෝ වෛද්‍යවරු ස්වේච්ඡා සේවයක් විදියට මේ දුරකතන ක්‍රියාකරුවෙක් විදියට කටයුතු කරනවා. ඒ අවුරුද්දට දින කීපයක් හෝ සතියකට පැය කීපයක්. අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය දිවෙන්නේ මේ ජීවිත උපකාර සේවයට ආපු දුරකතන ඇමතුමක් වටා.

ස්ටීවන් තෝමස් කියන්නේ මනෝ වෛද්‍යවරයෙක්. එයා අවුරුද්දට දින කීපයක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා මේ ජීවිත උපකාර සේවයට. අලුත් අවුරුදු උදාව, ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා දවසක ස්ටීවන්ට සිද්ධ වෙනවා මේ ජීවිත උපකාර සේවයට වාර්ථා කරන්න. එදා ස්ටීවන්ට ඇමතුමක් එනවා දිවිනසා ගන්න උත්සාහ කරන අයෙකුගෙන්. එයාගේ නම විදියට සඳහන් කරන්නේ ස්ටීවන්. අපේ මනෝ වෛද්‍ය ස්ටීවන් මේකෙන් පුදුමයට පත්වෙන්නේ, තමන්ගේම නම තියෙන කෙනෙක් මෙලෙස දිවිනසාගන්න හදන නිසා. හැබැයි, දිගටම කතා කරගෙන යනකොට තමයි අපේ වෛද්‍යවරයාට තේරෙන්නේ, මේ දිවිනසාගන්න හදන ස්ටීවන්, තමන්ගේ ජීවිතයේ අතීතයේ සිදුවුන සමහර සිදුවීම් දන්නවා කියලා. ඒ සිදුවීම්, ස්ටීවන් විතරක් දැනගෙන හිටපුවා. මේහෙම දෙයක් වෙන්නේ කොහොමද? ස්ටීවන් කියන්නේ කවුද? මේ ගැන දැනගන්න, චිත්‍රපටිය බලන්නම වෙනවා.

මේ චිත්‍රපටිය Feras Alfuqaha විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. ඒ වගේම මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ Brady Morell සහ Brian Price දෙන්නා. රඟපෑමෙන් දායක වෙනවා Josh Stewart (ස්ටීවන්), Judah Lewis (ස්ටීවන්), Charlene Amoia (විවියන්) ඇතුලු පිරිසක්.

එහෙනම්, හැමෝම එකතු වෙලා මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳිමු. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HDRip පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram