spot_img

Maari 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

චිත්‍ර‍පටි වල චණ්ඩි දැකලා ඇති නේද..? චිත්‍රපටි වල ගොඩක් ඉන්නෙ සාධාරණේ වෙනුවෙන් සටන් වදින චණ්ඩි. එත් හැම චිත්‍ර‍පටියේම ඉන්න චණ්ඩි ඒ වගේද? නැහැ.. මාරි කියන චණ්ඩියා නම් වෙනස්ම කෙනෙක්… පාරේ අය අහිංසක මිනිස්සුන්ට කොලොප්පන් කරන… අංහිසංක කඩකාරයන්ව බය කරලා කියක් හරි ගන්න… පාරේ ඉන්න පොඩි එවුන්ව මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා අඩවන්න දන්න චණ්ඩියෙක් තමයි මාරි කියන්නේ… ඉතින් මේ මාරිව අපිට මුලින්ම දකින්න ලැබුනේ 2015 වසරේ… ඉතින් ගිය අවුරුද්දේ 2018 වර්ශයේදිත් හරියටම දෙසැම්බර් 21 වැනිදා අපිට දකින්න කියලා රිදි තිරයට ආවා… එහෙම බලාගන්න බැරි උන අයට අද උදේ තමයි ටොරන්ට් එක ආවේ.. 2015 මාරි ෆිලුම බලන්න බැරි උනා කියලා මේක බලන්න කිසිම අවුලක් නැහැ… මාරිගේ පිස්සු ගෝලයෝ ටික තමයි කලින් චිත්‍ර‍පටියේ හිටි කට්ටියකට ඉන්නේ… ගිය පාර මාරිගේ ආදරයට ශ්‍රීදේවි (කාජල් අග්‍රවාල්) කොකා පෙන්නපු නිසා දැන් මාරි ඉන්නේ ආදරය කියන නමවත් ගාවගන්නේ නැතුව… එතකොට තමයි කොහේද ඉදන් ආනන්දි (සායී පල්ලවී) කියලා කෙල්ලෙක් මාරිටත් කින්ඩිය දාගෙන ඉන්න පටන් ගන්නේ… ඉතින් මේ ආනන්දිගේ චරිතයට පණ පොවන්නේ ප්‍රේමම් චිත්‍ර‍පටියෙන් කාගෙත් හදවත හොරා ගත්ත සායි පල්ලවි තමයි..

මේ පාර චිත්‍ර‍පටියේ සංඟිතය නම් යුවාන් ශංකර් රාජා ගෙන්… කලින් පාර චිත්‍ර‍පටියේ සංඟිතය කලේ නම් අනිරුද් විසින්… එත් ධනුෂ් එක්ක පොඩි අවුලක් තියන නිසාද මන්දා මේ චිත්‍ර‍පටියට සංඟිතයට ඔහු එකතු වෙන්නේ නැහැ…. නමුත් මේ චිත්‍ර‍පටියේ Rowdy Baby සිංදුව නම් අන්තර්ජාලයේ වැඩියෙන්ම ජනප්‍රිය උනා. සිංදුවට වඩා සිංදුවේ සායි පල්ලවි හා ධනුෂ්ගේ නර්තනය තමයි ඡනප්‍රිය වෙන්න ප්‍ර‍ධාන හේතුව..

එහෙනම් පැය දෙකහාමාරක් මාරිගේ මැර කල්ලියේ විකාර වැඩ වගේම මාරිට ඇබින්දක්වත් බය නැති ආනන්දිගේ විකාර බලන්නයි ලැස්ති වෙලා චිත්‍ර‍පටියයි සබ් එකයි අරගන්න. ඔයාලට සුභම දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් මං සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram