spot_img

Madha Gaja Raja (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Madha Gaja Raja (2025) Sinhala Subtitle

 

දමිළ ජනයාගේ උත්සවයක් වන පොංගල් උත්වයට සමගාමීව චිත්‍රපටයන් කිහිපයක් තිරගත වුණා. මෙම උත්සවයට සමගාමීව තිරගත වීමට තිබුණෙ අරුන් විජේගේ වනන්ගාන් සහ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි කියන චිත්‍රපට ද්විත්වයයි. නමුත් අවසාන මොහොතේ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි චිත්‍රපටය තිරගත වීම කල් දැමීමත් සමඟ වසර ගාණකට පෙර රූගත කිරීම් කරලා තිරගත වීම ප්‍රමාද කරලා තිබුණ විශාල්ගේ මධ ගජ රාජා සුන්දර් සි පිටියට බැස්සුවා. 2024 වසරෙත් පළමු සාර්ථක චිත්‍රපටය දුන්නෙ සුන්දර් සි තමයි. ඒ Aranmanai 4. ඉතින් මේ වසරෙත් පළමු වන සාර්ථක චිත්‍රපටය දෙන්නෙ සුන්දර් සී. උත්සව සමයෙ ජනයා ඇදෙන්නේ පවුල සමඟ හිනා වෙලා විනෝදයක් අරගන්න චිත්‍රපටයක් නරඹන්නයි. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට අරුන් විජේගෙ වනන්ගාන්ට වඩා පැසසුම් විශාල්ගේ මධ ගජ රාජා හට ලැබුණා. ඉතින් විශේෂත්වය තමයි මෙකේදි බොහෝ කාලෙකට පස්සෙ පරණ සාන්තානම්ගේ කොමඩි ටික බලන්න පුළුවන් වීමයි.

විශාල් මාක් ඇන්ටනි චිත්‍රපටයට පස්සෙ කෝටි 50 සීමාව පසු කළ චිත්‍රපටය වන්නෙ මධ ගජ රාජා වේ. පරණ ශාරනයේ චිත්‍රපටයක් වුණාට කොමඩි නිසා කම්මැලි කමක් නැතුව මේක බලන්න පුළුවන්. කාස්ට් එක ගැන කීවොත් විශාල්, සන්දානම්, වරලක්ෂ්මි සරත් කුමාර්, අංජලි යන අය රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කීවොත්, රාජට යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. යාළුවෝ තුන් දෙනා කසාඳ බැදලා පවුල් වෙලා ඉන්නෙ. මේ හතර දෙනාගේ ගුරුවරයෙක්ගේ ආරධනයකට විවාහ උත්සවයකට සහභාගි වෙනවා. එහෙදි යාළුවෝ පැටළිලා ඉන්න කරදර ගැන දැනගෙන විසඳන්න පොර බදිනවා. එහෙනම් මේ ලස්සන චිත්‍රපටය බලන්න. කිසිම කම්මැලි කමක් නැතුව නරඹන්න පුළුවන්!

චිත්‍රපටයෙ කාල රාමු හදලා දීලා, උපසිරැසියෙනුත් බාගයක් කරලා, උදව් කළේ අපේ ප්‍රවීණයා ලහිරු උදයංග! එයාටත් බොහොම ස්තූතියි කියන ගමන් තවත් උපසිරැසියකින් හම්බෙමු!

උපසිරැසිය නවතම නිකුත් වූ HD පිටපතකට කර ඇත. ඔරිජිනල් පිටපත් ආ විගස යාවත්කාලීන කරන්නම්!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ස්තූථියි දිලීප සහෝ උපසිරැසියට….
    එච් ඩී ආපුහම අප්ඩේට් ඔ්නේ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram