spot_img
spot_img
More

    Mirage (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔබ ත්‍රිලර් චිත්‍රපටවලට ප්‍රිය කරන සිනමා රසිකයෙකු නම් ස්පාඥ චිත්‍රපට (Spanish) නරඹා නොතිබෙන්න කිසිසේත්ම විදියක් නැහැ. ලෝකයේ හොඳම ත්‍රිලර් චිත්‍රපට නිර්මාණය වෙන්නේ ස්පාඥයේ කිවුවාත් වැරදි නැහැ. ඒ තරම්ම ඔවුන් ඒ Genre ඒක ඇතුලේ විශිෂ්ඨයෝ. The Hidden Face (2011), Wild Tales (2014), Julia’s Eyes (2010), The Body (2012), The Invisible Guest (2016), The Orphanage (2007) වගේ අති විශිෂ්ඨ සිණමා නිර්මාණ ගොන්නට අලුතෙන්ම එකතු වෙන් චිත්‍රපටය තමයි Mirage කියන්නේ. (ඔරිජිනල් ටයිට්ල් එක Durante la tormenta) මේකත් Netflixලාගේ වැඩක්. Netflix චිත්‍රපටවල තිබෙන ගුණාත්මකබව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

    The Invisible Guest (2016), The Body (2012) චිත්‍රපට ද්විත්වයේම අධ්‍යක්ෂකවරයා වුනු Oriol Paulo තමයි මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. Adriana Ugarte, Chino Darín, Javier Gutiérrez ප්‍රමුඛ රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.5/10ක්. පැය 2ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටිය එක තත්පරයක්වත් ඇස ඉවතට නොගෙන නියපොතු හප හපා උපරිම කුතුහලයකින් නරඹන්න පුලුවන් චිත්‍රපටියක් බවට බොහොම වගකීමෙන් කියනවා.

    චිත්‍රපටය ගැන නම් පොඩි විස්තරයක්වත් නොකියා හිටියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඒ තරම්ම කුතුහලයක් මේ පැය දෙක ඇතුලේ තියෙනවා. ඒක නිසා චිත්‍රපටය ගැන දශමෙක දෙයක් නොදැන චිත්‍රපටය නරඹනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. දළ අදහසක් ගන්න අවශ්‍ය අයට විතරක් පොඩි හැඳින්වීමක් කරන්නම්.

    12 හැවිරිදි නිකෝ ලසාර්තේ අසල්වැසි නිවසේ සිදුවන මිනීමරුමක් සියසින් දකිනවා. එම සිදුවීමෙන් බියට පත්වන දිව යන නිකෝ මාර්ගයේ ගමන් ගනිමින් තිබෙන මෝටර් රථයක හැපී මිය යනවා. මෙම සිදුවීම වෙන්නේ 1989 නොවැම්බර් 9 වෙනිදා රාත්‍රියේ.

    හරියටම ඊට වසර 25කට පසුව ඒ කියන්නේ 2014 නොවැම්බර් 9 වෙනිදා වේරා රෝයි සහ ඩේවිඩ් ඔර්ටිස් කියන තරුණ යුවල තමන්ගේ සුරතල් දියණියත් එක්ක නිකෝ ලසාර්තේ පදිංචිව සිටි නිවසේ පදිංචියට එනවා. එදින රාත්‍රියේ එම නිවසේ තිබී හමුවෙනවා පරණ රූපවාහිනියක් සහ කැමරාවක් සහ වීඩීයෝ පට ගණනාවක්. එම වීඩියෝපටවල තිබෙන්නේ පුංචි නිකෝගෙ ගීත ගායනා. ඔවුන් එයින් කිහිපයක් නරඹලා නින්දට යනවා.

    හැබැයි හදිසියේම රාත්‍රියේ අවධි වෙන ‍වේරා දකිනවා කැමරාවේ කිසිදු වීඩියෝ පටයක් නැතිව රූපවාහිනියේ විකාශනය වෙන වසර 25ක් පැරණි වීඩියෝවක්. ‍ වසර 25කටත් වඩා පැරණි මෙම රූපවාහිනියේ වර්තමානයේ පවතින කිසිදු නාලිකාවක් නරඹන්න හැකියාවකුත් නැහැ. මේකෙන් පුදුම වෙච්චි වේරා පුදුමයෙනුත් පුදුමයට පත්වෙලා ගල්ගැහෙන මට්ටමේ සිදුවීමක් තමයි ඊළඟට වෙන්නේ. වසර 25කට කලින් මිය ගියපු නිකෝ සජීවීව වේරා එක්ක කතා බහ කරන්න ගන්නවා රූපවාහිනිය හරහා…. එතින්න එහාට වේරාගෙ ජීවිතේ වෙනස් වෙන විදිය කිවුවොත් ඔබේ කුතුහලය නැති වෙනවා. අනිවාර්යෙන්ම චිත්‍රපටිය නරඹන්න. ඔබත් පුදුමයෙන් පුදුමයට පත්වෙනු නිසැකයි.

    උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලුම දෙනාට සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! තවත් උපසිරැසියක් එක්ක ආපහු මුණගැහෙමු. ජය!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Mirage.2019.Sinhala.Subtitle.rar – Downloaded 902 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram