today-is-a-good-day
More

    Mission Possible (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Mission Possible (2021) ලස්සන කොරියානු රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ගොඩාක් කොරියන් පිස්සෝ පිස්සියෝ ඉන්නවානේ. එයාලාට ආසාවෙන් බලන්න පුළුවන්, ප්‍රහසනාත්මක රහස් පරීක්ෂක කතාවක් මේක. මේ ලිපිය ලියනකොටත් මේ චිත්‍රපටිය IMBD 6.4, MyDramaList 7.9, Google Users 94% ක් වගේ ළකුණු ලබාගෙන තිබ්බා. බලපු අයගේ තීරනේ මේකෙන්ම පේනවානේ.

    Kim Hyeong-joo විසින් අධ්‍යක්ෂඛය කරපු චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටිය විදියට මේක නම් කරන්න පුළුවන්. මොකද අද වෙනකොට මේක ලෝකේ පුරා ප්‍රදර්ශණය කරමින් ඩොලර් මිලියන 3.5කට අධික ලාභයක් ලබාගෙන තියෙනවා. රඟපාමෙන් එක්වෙන ප්‍රධාන නළුවා සහ නිළිය, තමන්ගේ දක්ෂතා උපරිමයෙන් මේකට දක්වලා තියෙනවා. රඟපෑමෙන් එක්වෙන්නේ Kim Young-kwang (වූ සූ-හාන්), Sun-Bin Lee (යූ ඩා-හී), Seo Hyeon Cheol (ප්‍රධාන පරීක්ෂක), Dae-hwan Oh (ජෝන් හූන්) ඇතුළු පිරිසක්.

    මේ චිත්‍රපටියේ කතාව දිවෙන්නේ චීන ජාතික ආධුනික පුහුණුවන රහස් පරීක්ෂිකාවක් වටා. ඇයව කොරියාවට පිටත් කරවන්නේ, චීනෙන් කොරියාවට අපනයනය කරපු ආයුධ ජාවාරමක් සම්බන්ධයෙන්. ඇත්තටම චීන බුද්ධි අංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ, මේ මෙහෙයුමෙන් ඇයගේ දිවි කැපකරන්න. ඒත් ඇගේ ප්‍රධානියා, ඇයට කොරියාවේ හිටපු රහස් පරීක්ෂකයෙක්ව සම්බන්ධ කරවන්නේ, ඇය ගැන අනුකම්පාවෙන්. නමුත් යම් සිදුවීමක් නිසා, ඇය සම්බන්ධ වෙන්නේ පිස්සු, හිටපු රහස් පරීක්ෂකයෙක් සමඟයි. මේ තනියම කල යුතු, මාරාන්තික මෙහෙයුමට ඇය මුහුණ දෙන්නේ කෙසේද? ඇයගේ උදව්වට ඉන්න රහස් පරීක්ෂකයාගෙන් ලැබෙන උදව් මොනවගේ වෙයිද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය නරඹන්න. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Mission Possible (2021) සිංහල උපසිරැසි” Mission.Possible.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5302 times – 840 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram