spot_img
spot_img
More

    Mubarakan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අලුත් ෆිලුමකුත් අරගෙන මේ පැත්තට ආවා.මේ වතාවෙ ලොකු වෙනසක් එක්ක. මගේ පලවෙනි හින්දි උපසිරැසි ගැන්විම.ඒ වගේම අවුරුදු තුනක මේ ගමන්මගේ 150වෙනි උපසිරැසියටත් ඇවිත් ඉන්නෙ.සින්හල උපසිරැසි සමග චිත්‍රපට බලන අපේ රසිකයන් වෙනුවෙන් අවුරුදු තුනක් පුරාවට මෙච්චර දුරක් ඇවිත් කියල දැනෙනකොට ලොකු සතුටක් දැනෙනවා.කවුරුහො මගේ උපසිරැසි අරගෙන බලන්න ඇති කියන බලාපොරොත්තුවත් එක්ක ආපස්සට අවුරුදු තුනක් හැරිලා බලද්දි කරපු දෙවල් වගේම ඉස්සරහටත් මේ වගේම මගේ රසිකයන් වෙනුවෙන් උපසිරැසි ගේන්න තමයි බලාපොරොත්තුව.මෙක ඇත්තටම මගෙ විනෝදාංශය.මම ඩවුන්ලොඩ් මත යටවෙන්නෙ නෑ.හොදයි කියල හිතුනොත් මගේ රසිකයන්ට මම ඒක දෙනවා.මම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෙක්,මෙච්චර කාලෙකට ඔක්කොම ඇනිමේෂන් චිත්‍රපට තමයි මම ගෙනාවේ.එක තෙලිගු චිත්‍රපටයක්. ඉතින් ඔන්න වෙනසක් අරගෙන අද හින්දි චිත්‍රපටයකුත් අරගෙන ආවා.අපි හෙමිට කතාව පැත්තට හැරෙමු.

    මේ චිත්‍රපටය ගැන කිව්වොත් මෙක කොමඩි ගනයට තමයි වැටෙන්නෙ. චිත්‍රපටයේ නම තමයි mubarakan. නිවුන්නු දෙන්නෙක්ගෙ ජරමර ගොඩක් තමයි තියෙන්නෙ. සර්වසම නිවුන්නු. එක්කෙනෙක් කරන්. අනිත් කෙනා චරන්. ඒ කියන්නෙ දෙන්නගෙ කිසිම වෙනසක් නෑ. ඉතින් පුංචි කාලෙම මේ දෙන්නගෙ අම්මයි තාත්තයි නැතිවෙනවා.ඊට පස්සෙ ඒ දෙන්නා අයිති වෙන්නෙ ඔවුන්ගෙ කර්තාර් මාමාට.ඒත් කර්තාර් තනිකඩව ජිවිතෙ ගෙවන කෙනෙක්.ඉතින් එයා මේ දෙන්නව වෙන් කරල දෙනවා ඔහුගෙ සහොදරියක් වන ජීටෝටයි බල්දෙව් කියන සහොදරයටයි.මෙ පවුල් දෙකකට වෙන් උනත් එකටමයි ජිවත් වෙන්නෙ.ඔන්න එහෙම ගිහින් වැඩිවියට පත් වෙලා කල් ගතවෙනකොට ජීටො නැන්දා කරන්ට විවාහ යොජනාවක් ගේනවා.බින්කල් කියල ගැහැනු ලමයෙක්ට.ඒත් දැනටමත් කරන් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා.ඒ තමයි ස්විටි.හැබැයි ගෙදරට කියන්නබයයි.ඉතින් මේකට කරන් උප්පරවැට්ටියක් යොදනවා එයා වෙනුවට චරන්ට බින්කල්ව කසාද බන්දන්න.ඒ ජරමර අස්සෙ චරන්ටත් වෙන ලමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා.ඒ තමයි නෆිසා.ඉතින් බලන්නකො කට්ටිය මේ ජරමර ටික කොහොම විසදගනිවිද කියල.මෙයාලට උදව් කරන්නෙ කර්තාර් මාමා තමයි.

    කොමඩි චිත්‍රපටයක් උනත් ඒ අස්සෙ ලස්සන ආදර කතා දෙකකුත් ගලාගෙන යනවා. අඩුපාඩුවක් නැතුව පැය 2යි විනාඩි 30ක් පුරාවටම මේ චිත්‍රපටය රසවිදින්න පුළුවන්.ඉතින් ඒ සැරේ හින්දි වලට ආසාවක් ආවා.වැඩත් එක්ක වෙලාවක් නැති කේස් එක තමයි තියෙන්නෙ.එහෙම කියල ඇනුමේෂන් අතාරින්නෙ නැ.පලවෙනි එක දෙන්නෙ ඇනිමේෂන් වලට.එහෙනම් කට්ටියම චිත්‍රපටය රසවිදිවි කියල හිතනවා. ඊලග උපසිරැසියෙන් හමුවෙනතුරු. කට්ටියටම ජය….!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Mubarakan 2017 සිංහල උපසිරැසි” Mubarakan.2017.Sinhala.Subtitle.rar – Downloaded 415 times – 65 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන් සමීර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram