spot_img

Naa Peru Surya, Naa Illu India (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් හැමෝම මඟබලාගෙන හිටපු චිත්‍ර‍පටියක් අරන් ආවේ. මේ චිත්‍ර‍පටියට තවමත් අන්තර්ජාලයේ අඩුම තරමේ ඉංග්‍රිසි භාෂාවේ වත් උපසිරැසියක් නැහැ… ඉතින් මේක මං කරපු ආසා ලිවිමක්. ඒක නිසා පුංචි පුංචි වැරැදි තිබුනොත් එවාට සමාවෙන්න ඕනි… Vakkantham Vamsi විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි Naa Peru Surya, Naa Illu India කියන්නේ. මේ මොහුගේ පලවෙනි අධ්‍යක්ෂණය…නමුත් ඔහු අතින් තමයි Race Gurram,Kick,Temper,Oosaravelli වගේ දැවැන්ත චිත්‍ර‍පටි රැසක කතාව ලියවෙන්නේ… 2018 මැයි මස 8 වැනිදා මෙය ඉන්දියාව පුරා තිරඟත විම ඇරබුවා…ඒ තෙලෙඟු,දමිළ,හින්දි හා මලයාලම් භාෂාවලින්. Allu Arjun,Anu Emmanuel,Arjun Sarja හා Boman Irani මේ චිත්‍ර‍පටියේ චරිත වලට පණ පොවනවා…

කතාව ගැන කිව්වොත් සූර්යා කියන්නේ හමුදා නිලධාරියෙක්… නමුත් මොහුට පොඩ්ඩ ඇත්තනම් තරහා යනවා… ඔහුගේ ලොකුම දුර්වල කම තමයි තරහාව. නමුත් ඔහු නම් මේක ගැන හිතන්නේ ශක්තියක් විදියට. නමුත් ඔහු මේ තරහාව නිසා තමන්ගේ පෙම්වතිය පවා නැති කරගන්නවා… එවා සේරම චිත්‍ර‍පටිය බැලුවොත් පෙනේවි… කොහොම හරි මොහුට දේශසිමාවේ සේවය සදහා යන්න තමන්ගේ තාත්තාගේ අත්සන උවමනා වෙනවා. නමුත් ඔහුගේ පියා මොහු ගැන ලොකු තරහකින් ඉන්නේ මොහුගේ කෙන්තිය නිසා. ඔහු ඒ නිසා මොහුට දවස් 21ක කාලයක් දෙනවා මොනම දේ උනත් කෙන්ති නොගෙන ඉන්න. එහෙම කලොත් තමන් අත්සන් කරනවා කියලා ඔහුට දේශසිමාවේ සේවය සදහා යන්න. මේ කාලේම තමයි සුර්යා පලාතේ මැරයෙක් වෙන චෙල්ලාගේ පුතා එක්ක වලියක් දාගන්නේ… නමුත් දැන් සුර්යාට තාත්තා අභීයෝග කරලා තියනවා දවස් 21 මේ කිසිම දේකට සම්බන්ධ නොවි ඉන්න කියලා. ඉතින් දැන් සුර්යා කාත් එකක්වත් රණ්ඩු නොකර කෙන්තිය පාලනය කරගෙන ඉදිවිද? ඒක බලන්න වෙන්නේ ඔයාලට මේ චිත්‍ර‍පටිය අරන් තමයි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram