ටික දවසකට කලින් ආපු තවත් තෙලෙගු ෆිල්ම් එකක් අරන් තමයි ආවේ. මෙහි අධ්යක්ෂණය රාම් අබ්බරාජු (Ram Abbaraju) විසින් සිදු කරන ලද අතර, ප්රධාන චරිත සඳහා ෂර්වානන්ද් (Sharwanand), සංයුක්තා මෙනන් (Samyuktha Menon) සහ සාක්ෂි වෛද්යා (Sakshi Vaidya) රංගනයෙන් දායක වෙනවා. මේක තිරඟත කිරිම ඇරබුවේ ජනවාරි 14 වැනිදා.
චිත්රපටියේ කතාව ගැන කිව්වොතින් ගෞතම් (ෂර්වානන්ද්) ජීවිතය සැහැල්ලුවෙන් හා සැලසුමක් ඇතිව ගත කරන තරුණයෙක්. සාක්ෂි කියන ගැණු ළමයාම මෙයාට කෙරලා වල ඉද්දි හම්බවෙනවා. පස්සේ මේක කසාදයක් වෙනකම් දුරකට යනවා. නමුත් සාක්ෂිගේ තාත්තාට ගෞතම්ව සෙට් වෙන්නේම නැහැ. එත් තමන්ගේ දුවට මේ කසාදේ කරන්න එපා කියලා හිත රිද්දන්නත් කැමැති නැහැ. ඉතින් සාක්ෂිගේ තාත්තා කරන්නේ ගෞතම්ගේ පෙර වැරැද්දක් හරි එයාව එපා වෙන්න දුවට මොකක් හරි දෙයක් අල්ලලා දෙන්න… හැබැයි ගෞතම්ගේ එහෙම ලොකු වරදකුත් නැහැ. එත් පෙන්න අවුලක් නැති උනත් ඔහොම යද්දි, අනපේක්ෂිත ලෙස ඔහුගේ අතීත පෙම්වතිය වන දියා ආපහු එනවා. ඒ එක්කම දියා එක්ක ගෞතම්ගේ ලොකු අතිත කතාවකුත් තියනවා. දැන් මේක අහු උනොතින් සාක්ෂිගේ තාත්තාට කසාදේ එතැනින්ම ඉවරයි… ඉතින් මේ අයගේ ජිවිත වල මොනා වේවිද කියලා බලන්න චිත්රපටිය අරගෙනම බලන්න.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













තෑන්ක්ස් මචෝ සබට