spot_img

Operation Romeo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Operation Romeo (2022) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා.. මේක නම් මං හිතන්නේ කට්ටියට ටිකක් මගහැරුනු එකක් වගේ.. මුලින්ම කියන්න ඕනි මේක රිමේක් එකක්. මලයාලම් චිත්‍රපටියක් වෙන Ishq (2019) ප්‍රතිනිර්මාණයක් තමයි මේක.. හැබැයි මේක මලයාලම් එකත් එක්ක බලද්දි කරට කර ඉන්නවා කියලා කියන්නත් පුලුවන්. කතාවේ පොඩි පොඩි වෙනස් කම් ටිකකුත් කරලා තියෙනවා.

ප්‍රධාන චරිත ලෙස Sidhant Gupta,Vedika Pinto,Bhumika Chawla හා Sharad Kelkar රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ.. ආදි හා නේහා කියන්නේ ආදවන්තයින් දෙන්නෙක්.. නේහාගේ 19 වැනි උපන්දිනයට ඇයව පුදුම කරන්න කියලා හිතාගෙන ආදි කියනවා හවසට හම්බවෙමු කියලා. මේ දෙන්නාගේ පැලැන් එක තමයි රෑ පුරාම නඟර වටේ වාහනේ රවුමක් ගහන එක. කොහොම හරි මැදියම් රෑට කිට්ටු වෙද්දි ආදි වාහනේ ටිකක් පාලු තැනක නතර කරනවා.. නතර කරලා නේහාට කියනවා කවුරුත් නැති එකේ පොඩි කිස් එකක් දෙන්න කියලා. නේහාත් මුලින් අදි මදි කරලා පොඩි හාද්දක් දෙන්න ලං උනා විතරයි.. නොසිතු විදියට මේ දෙන්නා අතරට තව දෙන්නෙක් කඩා පනිනවා.. ඒ පොලිසියේ දෙන්නෙක්… මහා රෑ තනියම වාහනේ හිරවෙන මේ ජොඩුවට මොනා වේවිද? ගෙදරට හොරෙන් ආපු මේ ගමන කොතනකින් කෙලවර වේවිද? ඒක දැනගන්න චිත්‍රපටිය නරඔන්නම වෙනවා..

ආ තව එකක් Neeti Mohan ගායනා කරන Abhi Abhi ගිතය නම් මගේ සිත් ගත්තා.. නිවිසැනසිල්ලේ අහන් ඉන්න නම් ඒ සිංදුව හරිම ලස්සනයි.. එහෙනම් අපි ගියා…තව වෙනස්ම ආදරණිය චිත්‍රපටියකින් හමුවෙමු.. 😉

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram